
“සංහිදියාව” ගැන ඔබේ අදහස කුමක්ද?
දෙගොල්ලන්ම හොඳින් එකිනෙකාව හඳුනාගත යුතුයි. දමිළ මිනිසුන්ගේ ප්‍රශ්න සිංහල මිනිස්සු දන්නේ නැහැ. ඒකයි ලොකුම ප්‍රශ්නේ. ඒ වගේම අතීතයේ වුණ දේවල් අද වැඩක් නැහැ. දැන් අවශ්‍ය ඉදිරියට යාමයි.
යුද්ධයෙන් පසුව ජාතීන් අතර සංහිදියාව ගොඩනැගිය හැකි වන්නේ කෙසේද?
වසර 70 කට වැඩි කාලයක් පුරාවට අපේ ප්‍රශ්න තවම තියෙනවා. ප්‍රශ්න දැනගන්නේ නැතුව සංහිඳියාව එන්නේ නැහැ. අපේ පළාත්වලට අවශ්‍ය වැඩ කරගෙන යන්න අපිට ඉඩ දෙන්න ඕන. මධ්‍යම ආණ්ඩුවෙන් එයට ඉඩ දෙන්නේ නැහැ.
පළාත් සභාවට ආපු සල්ලිවලින් උතුරට දෙයක් කළේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඒ මුදල් නැවත මධ්‍යම ආණ්ඩුවට යැවූ බවට කියවෙනව. ඒ චෝදනාවලට ඔබ දෙන පිළිතුර කුමක්ද?
අපි ශතයක් ආපසු හරවලා යවලා නැහැ. ගිය වසරේ දී ආණ්ඩුවෙන් දිය යුතු මුදල් බොහෝ ප්‍රමාද වී අපිට ලැබුණේ. 2016 දිය යුතු මුදල් ප්‍රතිපාදනවලින් බිලියන 1800ක් අපිට ලැබුණේ 2017 අගෝස්තු මාසයේදී. මේවා දේශපාලන වශයෙන් කියන කතා මිසක් සත්‍ය නෙමෙයි.
ඔබ නිරන්තරයෙන් බලය බෙදා දීමක් ගැන පවසනවා. මමත් ඒ ප්‍රශ්නය නැවත ඉස්මතු කරන්න කැමතියි? බලය බෙදීම හරියටම පැහැදිලි කරන්න පුළුවන්ද?
බලය බෙදා දිය යුතුයි. නැත්නම් මධ්‍යම ආණ්ඩුව සම්පූර්ණයෙන් අයිතිය තබාගත යුතුයි. මිනිස්සු විවිධාකාරයි. විවිධ ජාති ආගම්වල ඉන්නේ. ඒ නිසා ඔවුන්ව වෙන වෙනම පරිපාලනය කළ යුතුයි. එනිසයි බලය බෙදා ගමු කියලා කියන්නේ. උතුරු නැගෙනහිර පළාත්වලට විතරයි ෆෙඩරල් ක්‍රමය අවශ්‍යයි, යනුවෙන් කලින් මා පැවසූ දේට, අද මම සඳහන් කරන්නේ ෆෙඩරල් ක්‍රමය පළාත් නමයටම අවශ්‍යයි කියන එක.
මෙකී අනන්‍යතාවත් සමග ඔබ ඉතිහාසය ගැනත් තර්කයක් ගෙන එනවා නේද?
සිංහල දමිළ අනන්‍යතාවයන් ගැන වෙනසක් තියෙනවා. වසර 2500 වැඩි කාලයක් උතුරු නැගෙනහිර පළාත්වල දමිළ මිනිස්සු ඉඳලා තියෙනවා. මේවාට සාක්කි සාධක සතුයි. සිංහල අයත් හිතනවා 10 වන ශත වර්ෂයේදි කල්ලතෝනි හැටියට දමිළ ජනයා පැමිණි බවට. ඒක වැරදියි. අපේ ඉතිහාසය හැටියට. සිංහල භාෂාව ඇති වුණේ 6,7 ශත වර්ෂයේදි. එහෙම සඳහන් වෙනකොට දුටුගැමුණු රජු දේවානම්පියතිස්ස රජු සිංහල කියන්න බැහැ.“ආරිය” කියන වචනය පිට ඉඳලා එන කෙනෙක්ට කියන එකක් හැර එය ජාතියක් නෙමෙයි. අපි ඇත්ත දැන ගත්තම තමයි ප්‍රශ්න හොඳින්ම විසඳාගත හැකි වන්නේ. ඉතිහාසය සමඟ උතුරු නැගෙනහිරට අපිට අයිතියක් තියෙනවා කියලා අපි හිතනවා. එය ආණ්ඩුවෙන් පිළිගන්නේ නැහැ. ඒ නිසයි මේ ප්‍රශ්න. අපි දන්න අපේ දෙමව්පියන් අපේ දෙමව්පියන් නොවන බවට පසුකාලීනව කිසිවකු පැවසුවොත් එය ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි මම මෙලෙස සඳහන් කරන ඉතිහාස කතාවට දොස් කියන්නේ. මොකද සත්‍ය පිළිගන්න අමාරුයි.
අශන්ති වරුණසූරිය යාපනයේ සිට
0 comments :
Post a Comment