විල්පත්තු ගැන කියන්න රිෂාඩ් සහ බැසිල් උසාවියට.


විල්පත්තු රක්ෂිතය එළිපෙහෙළි කර මුස්ලිම් ජනතාව නැවැත පදිංචි කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද දින (05 දා) අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, වන සංරක්ෂණ ජනරාල්වරයා ඇතුළු පිරිසට නොතේසි නිකුත් කළේය.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් මෙම පෙත්සම කැඳවන ලදී.

2009 වසරේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත උතුරු ප්‍රදේශයේ අවතැන්වූ මුස්ලිම් පවුල් නැවැත පදිංචිකිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම් අත්පත් කර ගත් බව පෙත්සමේ සඳහන් වේ.

තවද 2012 වසරේ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ මැදිහත්වීම මත මන්නාරම, වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලින් රක්ෂිත භූමි අත්පත් කරගෙන ඇති බව එහි සඳහන්ය.

එලෙස අත්පත් කරගත් විලත්තිකුලම් ඇතුළු රක්ෂිත ප්‍රදේශ එළිපෙහෙළිකොට මුස්ලිම් පවුල් පදිංචි කර ඇති අතර එය වන සංරක්ෂණ පනතට පටහැනි බවට පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment