ආණ්ඩුවේ කිසිම වෙනසක් නෑ ශ්‍රීලනිපය ඉවත් නොවේ එජාප-ශ්‍රිලනිප හවුල දිගටම


ආණ්ඩුවේ කිසිම වෙනසක් නෑ ශ්‍රීලනිපය ඉවත් නොවේ
එජාප-ශ්‍රිලනිප හවුල දිගටම


පුංචි ඡන්දයේ ප්‍රතිඵල වලින් පසු පසුගිය සතියක කාලය පුරාම විවිධ ලෙස අලුත් ආණ්ඩු හදන්නට ගිය කථා සියල්ල වෙනස් කරමින් මේ වනවිට එජාපය මෙන්ම ශ්‍රීලනිප දෙපිළම පවතින ආණ්ඩුව දිගටම නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
එජාපය අලුත් ආණ්ඩු හදන කථා අවසන් කර තිබියදී ශ්‍රීලනිපය තවදුරටත්
විපක්ෂයේ වාඩි වීමට

හෝ ඒකාබද්ධය සමග හවුල් ආණ්ඩු හදන්නට උත්සාහ කළ නමුත් ඒ සියලු උත්සාහයන් ව්‍යාවර්ථවී ගොස් තිබේ.
අද අවසන් වරට ශ්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවටද නොගොස් ජනපති මෛත්‍රිපාල හමුවී අවසන් තීරණය ගැන සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධව සවස එස්බී දිසානායක පුකාශ කරමින් කියා සිටියේ තමා මෛත්‍රී ජනපති සමග දිගටම සිටින බවයි.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් එක් කණ්ඩායමක් ලෙස සිටිමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන. මහතාට අවශ්‍ය සංශෝධන කිරීමට සහාය දක්වන බවත් කියා සිටි අතර ඇමති ධූර දරන බවත් දන්වා ඇත.

මේ අතර සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ අද පුවත්පත්වල පළව තිබෙන තමා අලුත් ආණ්ඩු හදන්නට පවතින ආණ්ඩුවෙන් ඉවත්වන බවට ලියවිලි සැපයූ කතා අසත්‍ය බවයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment