අමාත්‍ය තනතුරු රැසක් වෙනස් වෙයි

අමාත්‍ය තනතුරු රැසක් වෙනස් වෙයි

 

කැබිනට් මණ්ඩලයෙහි ප්‍රබල වෙනසක් සිදු කිරීමට එම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර ඒ අනුව මුදල්, නීතිය හා සාමය, මහාමාර්ග, විදේශ, ආයෝජන ප්‍රවර්ධන, කෘෂිකර්ම, නාගරික සංවර්ධන සහ ජනමාධ්‍ය යන අමාත්‍ය ධුර ඉදිරියේදී වෙනස් වීමට නියමිතය.

ජනාධිපතිවරයා සහ සන්ධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද දහවල් 12.30ට ආරම්භ වූ අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබුණේ කවර තත්වයක් යටතේ හෝ රාජපක්ෂලා සමඟ හවුලේ දේශපාලනය කිරීමට තමන්ට වුවමනාවක් නොමැති බවයි. එසේම මෙතෙක් සිදුවී ඇති දෑ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමේදී ද තමන්ට ප්‍රශ්න ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ කතාවට ද දැඩි අවධානයක් යොමු වී ඇත. ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ව තෝරා පත් කළ ජනතාව පාවා දීමට තමන්ට නොහැකි බවයි. ඒ අනුව ආණ්ඩුව ඉදිරියට ම පවත්වාගෙන යාමටත් මතු වී ඇති ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටත් ඔහු යෝජනා කර තිබිණි.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන බවට ජනමාධ්‍ය හරහා පුවත් මැවූ මැති ඇමතිවරුන් කිසිවෙක් මෙම සාකච්ඡාවේදී එවන් අදහස් ප්‍රකාශ නොකිරීම ද විශේෂත්වයකි. කෙසේවෙතත් අවසානයේදී මාස 3ක පරිවාස කාලයකට යටත්ව ආණ්ඩුව ඉදිරියට ම පවත්වාගෙන යාමට සියල්ලන් ම එකඟ වී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment