Update: අඟුලාන දුම්රිය අනතුරින් මියගිය තිදෙනෙක් කණිෂ්ඨ නීතීඥවරුන්

Update: අඟුලාන දුම්රිය අනතුරින් මියගිය තිදෙනෙක් කණිෂ්ඨ නීතීඥවරුන්

පා පුවරුවේ ගමන් ගත් මගීන් අවම වශයෙන් සය දෙනෙක් පමණ එම ස්ථානයේදී මරණයට පත් වී ඇති බව ද වාර්තා වේ. 

මෙම අනතුර සිදුවී තිබෙන්නේ දුම්රිය මාර්ගය ආසන්නයේම අනාරක්ෂිත දුරකින් නවත්වා තිබූ ලොරියක දුම්රිය ගැටීම හේතුවෙනි.

සිද්ධිය ඇසින් දුටු, එම දුම්රියේ ම ගමන් ගත් තවත් කණිෂ්ඨ නීතීඥවරයෙක් අප සමග සඳහන් කළේ පා පුවරුවේ ගමන් ගත් අය හය දෙනෙක් හෝ හත් දෙනෙක් එතැනම මරණයට පත්වූ බවයි.

අඟුලාන දුම්රිය ස්ථානයෙන් මේ පිළිබඳ කළ විමසීමකදී මරණ සංඛ්‍යාව තවම නිශ්චිතවම කිව නොහැකි බව ඔවුහු ප්‍රකාශ කළහ. කෙසේ නමුත් පාර අද්දර එක් මළ සිරුරක් තිබූ බව ද ඔවුහු තහවුරු කළහ. තුවාළකරුවන් පස් දෙනෙක් පමණ රෝහල් ගත කර ඇති අතර, තවත් කිහිප දෙනෙක් සිද්ධියෙන් සුළු තුවාළ ලබා ඇත. 

අනතුරෙන් ලොරි රථයට විශාල හානියක් සිදු වී නොමැති බව ද වාර්තා වේ.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment