වෙනස්වීම යනු සාර්ථකත්වයයි ! ලෝ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ ජීවිත කතාව -රිචඩ් බ‍්‍රැන්සන්-

වෙනස්වීම යනු සාර්ථකත්වයයි ! ලෝ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ ජීවිත කතාව -රිචඩ් බ‍්‍රැන්සන්-
 
රිචඩ් චාල්ස් නිකලස් බ‍්‍රැන්සන් 1950 ජූලි 18 වනදා එංගලන්තයේ සරේ ප‍්‍රාන්තයේ දී උපත ලබනවා. රිචඩ් ගේ පියා එඩ්වඩ් ජේම්ස් බ‍්‍රැන්සන්. ඔහු වෘත්තියෙන් නීතිඥයෙක්. ඊව් බ‍්‍රැන්සන් නම් වූ රිචඩ්ගේ මව ගුවන් යානා සේවිකාවක්. එතරම් අගහිඟකම් මැද ළමා කාලය ගත නොවුණත් රිචඩ්ට පරිපූර්ණ ළමා කාලයක් හිමි වෙන්නේ නැහැ. ඊට හේතුව ඔහු ඩයලක්ෂියා (dyslexia) රෝගියකු වීම. රෝගය සමඟ අරගල කිරීම නිසා ඔහුට පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම ඉතා අපහසු කාර්යයක් වෙනවා. රිචඩ් ට සාමාන්‍ය සිසුවෙකු මෙන් පාසල් යන්නට ලැබෙන්නේ නැහැ. මේ නිසා ඔහුට බකිංහැම්ෂයර් හි නේවාසික පාසලකට ඇතුළත් වෙන්නට සිදු වෙනවා. මේ කාලයේ දී රිචඩ්ගේ සමහර ගුරුවරුන් ඔහු තුළ සැඟවී තිබෙන තීක්ෂණ බුද්ධිය හඳුනා ගන්නවා. 
bransan 2
 
ඒ නිසාම බ‍්‍රැන්සන් තම සියලු දුර්වලතාවන් පසෙකලා ව්‍යවසායකයෙක් වීමේ මුල් පියවර තබන්නේ පාසල් කාලයේදීමයි. වයස අවුරුදු 16 දී ඔහු student කියන සඟරාව ආරම්භ කරනවා. කාලයක් පාසලේ සිටි අදක්ෂම ශිෂ්‍යා සඟරාවක් කරන්න පටන් ගත්තම හැමෝම ඒ ගැන පුදුම වෙනවා. එය ඉතා සිත්ගන්නා සුළු සඟරාවක් කරන්න රිචඩ් මහන්සි වෙනවා. ඔහු ඒ වෙනුවෙන් ජනප‍්‍රිය පුද්ගලයන්ගෙන් සම්මුඛ සාකච්ඡ සහ සාර්ථක මිනිසුන්ගේ සිත් ගන්නා සුළු ජීවිත කතා එහි පළ කරනවා. ඒත් සමඟම සඟරාවට වෙළෙඳ දැන්වීම් ලැබෙන්න පටන් ගන්නවා. පළමු පියවර සාර්ථක වෙනවා. 1966 වසරේ දී ආරම්භ කළ එහි ප‍්‍රථම මුද්‍රණයෙන්ම ඩොලර් 8000ක් උපයන්න ඔහු සමත් වෙනවා. පිටපත් පනස් දහසක් දක්වා එහි අලෙවිය වැඩි වෙනවා. 
 
 නමුත් තමන්ගේ පුත‍්‍රයා මේ යන්නේ හිතුවක්කාරී ගමනක් බවට මවුපියන් ඔහුට චෝදනා කරනවා. එහෙත් මේ ගමන නවත්වන්න ඔහු සිහිනයකින්වත් කල්පනා කරන්නේ නැහැ. ඔහු තමන්ගේ දියුණුවට ඇබ්බැහි වෙනවා. මේ කාලයේ දී බ‍්‍රැන්සන්ට කල්පනා වෙනවා තමන් ආරම්භ කළ ව්‍යාපාරයට සුදුසු නමක් යෙදිය යුතු බව. ‘Virgin’ එහෙමත් නැතිනම් නොයිඳුල් කියන්නේ ව්‍යාපාරයකට සුදුසුම Brand Name එකක් බව බ‍්‍රැන්සන් තීරණය කරනවා.  ඒ අනුව 1972 දී පාසලට සමුදෙන බ‍්‍රැන්සන් ‘Virgin records’ නමින් ශබ්ද පටිගත කිරීමේ ආයතනයක් ආරම්භ කරනවා. රිචඩ් බ‍්‍රැන්සන්ගේ ව්‍යාපාර අධිරාජ්‍යය ආරම්භ වෙන්නේ ඒ විදිහට. ‘Virgin records’ යටතේ බ‍්‍රැන්සන්ගේ ශබ්දාගාරයේ ගී තැටියක් පටිගත කරන පළමු ගායකයා වෙන්නේ මයික් ඔල්ඩ්ෆීල්ඩ්. එම උත්සාහය සාර්ථක වීමත් සමඟම ඔහු තවත් ජනප‍්‍රිය ගායකයන් සමඟ ගිවිසුම් අත්සන් කරනවා. ඒ අතර Sex Pistols වැනි අභියෝගාත්මක සංගීත කණ්ඩායම් ද වෙනවා. 
bransan 4
 
1980 වන විට නැවතත් ඔහු තම ව්‍යපාරය පුළුල් කිරීම අරඹනවා. බ‍්‍රැන්සන්ගේ විශාලතම සහ සාර්ථකම ව්‍යාපාරය වන ‘වර්ජින් අත්ලන්තික් එයාර්වේස්’ ආරම්භ වන්නේ 1984 දී. 1992 පමණ වන විට වර්ජින් සමූහය ආර්ථික පසුබෑම්වලට මුහුණ දෙනවා. නමුත් බ‍්‍රැන්සන් නවතින්නේ නැහැ. 
වර්ජින් ඉන්ධන, වර්ජින් වොඩ්කා, වර්ජින් ජංගම දුරකථන, වර්ජින් මාධ්‍ය ආයතන, වර්ජින් සෞඛ්‍ය ආයතන, වර්ජින් සමාජ ශාලා, සංචාරක කර්මාන්තය, වර්ජින් දුම්රිය සේවා, වර්ජින් ගුවන් සේවා සහ වර්ජින් අභ්‍යවකාශ යානා පවා ඔහු වර්ජින් නමට හිමි කරගන්නවා. ඒ විශ්වාස කළ නොහැකි තරමේ අභියෝගයන් භාර ගනිමින් 20 වන සියවසේ සහ 21 වන සියවසේ වැඩිම ව්‍යාපාරික ආයතන ගණනක හිමිකරුවා බවට පත් වෙනවා. 
 
අද වන විට ලෝකය පුරා සිය ව්‍යාපාර ව්‍යාප්ත කර තිබෙන බ‍්‍රැන්සන් ජීවිතයේ වැටුණු සෑම අවස්ථාවකදීම සිය මව තමන් සමඟ සිටි බව ද සිහිපත් කරනවා. 
bransan 3
ව්‍යාපාරික ලෝකයේ හතළිස් වසරක අත්දැකීම්වලින් මා ඉගෙන ගත් දෙය නම් ”අසාර්ථකත්වයන් නිසා පසුතැවෙන්න එපා, නැවත ආරම්භ කරන්න. වෙනස්වීම යනු සාර්ථකත්වයයි. බිය ආශාවක් වූ විට සියලු ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා.” රිචඩ් බ‍්‍රැන්සන් බිලියනපතියෙක් වීමේ රහස එයයි. 
 
ප‍්‍රදීපා වීරසේකර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment