
සිද්ධිය ඇසින් දුටු, එම දුම්රියේ ම ගමන් ගත් තවත් කණිෂ්ඨ නීතීඥවරයෙක් අප සමග සඳහන් කළේ පා පුවරුවේ ගමන් ගත් අය හය දෙනෙක් හෝ හත් දෙනෙක් එතැනම මරණයට පත්වූ බවයි.
අඟුලාන දුම්රිය ස්ථානයෙන් මේ පිළිබඳ කළ විමසීමකදී මරණ සංඛ්‍යාව තවම නිශ්චිතවම කිව නොහැකි බව ඔවුහු ප්‍රකාශ කළහ. කෙසේ නමුත් පාර අද්දර එක් මළ සිරුරක් තිබූ බව ද ඔවුහු තහවුරු කළහ. තුවාළකරුවන් පස් දෙනෙක් පමණ රෝහල් ගත කර ඇති අතර, තවත් කිහිප දෙනෙක් සිද්ධියෙන් සුළු තුවාළ ලබා ඇත.
අනතුරෙන් ලොරි රථයට විශාල හානියක් සිදු වී නොමැති බව ද වාර්තා වේ.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment