ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකට සහයෝගය දෙන්නේ නැහැ - එස්.බී. දිසානායක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකට සහයෝගය දෙන්නේ නැහැ - එස්.බී. දිසානායක

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ,ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනවරමක් ඉල්ලා සිටි එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ මන්ත්‍රී ධූර 106ක් බවත් එවැනි ජනවරමක් ඉල්ලා නොසිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධූර 95ක් හිමිවූ බවයි. ඒ අනුව මෙම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් සදහා යුක්ති සහගත ජනවරමක් හිමිව නැතැයි කී ඒ මහතා නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් පිළිබදව සාකච්ඡාවක් කරා යොමුවීම වඩා උචිත බවද පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සිය සහයෝගය නොලැබෙන බැවින් පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කිරීම සිදුවෙතැයි විශ්වාස කළ නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා,

"මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ඡන්ද ක්‍රමය ගෙන ඒමට අපිට හැකි වුණා. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ලබන වර්ෂයේ අවසානය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙනවා. එහිදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු නොමැති මෙම ප්‍රදේශය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත්කිරීමට හැකියාව ලැබෙනවා. පාර්ලිමේන්තු ක්‍රමය ද වෙනස් කළ යුතු වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකින් පසු එය කරන්නේ නම් ඒ සඳහා ජන වරමක් මේ ආණ්ඩුවට නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් සඳහා එක්සත් ජාතික පක්ෂය ජන වරමක් ඉල්ලා සිටිය නමුත් ප්‍රමාණවත් ජන වරමක් ජනතාව ලබා දුන්නේ නැහැ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment