දෙපැත්තෙම ඉන්න 75% ක් හොරු - රන්ජන් රාමනායක

දෙපැත්තෙම ඉන්න 75% ක් හොරු - රන්ජන් රාමනායක
අකමැත්තෙන් වුවද තමන්ගේ පක්ෂයේ ද හොරුන් සිටින බව පිළිගැනීමට සිදුවන බවත් සියලු දෙනාගේම හොරකම් සම්බන්ධයෙන් තොරතුරු තමන් සතුව තිබෙන බවත්  රාමනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට තමන් සමග ඕනෑම විවාදයකට එන ලෙස තමන් ආරධනා කරන බවත් එසේ පැමිණියහොත් පාර්ලිමේන්තුවේ සිටින හොරුන්ගේ පැටිකිරිය හෙළිකිරීමට තමන් සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
 
පාර්ලිමේන්තුව අමතමින් තවදුරටත් කරුණු දැක්වූ රන්ජන් රාමනායක මහතා,
 
'අපේ පැත්තෙ ඉන්නෙත් හොරු, අර පැත්තෙ ඉන්නෙත් හොරු, දෙපැත්තෙම හොරු. ජේවීපී එකේ කට්ටිය කියනවා එයාලා හරි සුපිරිසිදුයි කියලා. එතකොට ඉස්සෙල්ලාම බැංකු කැඩුවෙ කවුද ? කියන්න ගියොත් ලිස්ට් එකක්ම කියන්න වෙනවා. වෙලාව ආවම මම මේ හැමදෙයක්ම හෙළි කරනවා. ලංකාවෙ බහුතරයක් ජනතාවත් මේ හොරකම්වල ගෑවිලා ඉන්නවා. යකාගෙ හැටියට නේ විමානෙ තියෙන්නෙත්. ඒ නිසා ඔවුන් පත්කරලා එවන්නෙත් හොරු.'
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment