මහනුවර ගැටුමට මන්ත්‍රීවරයෙක් සම්බන්ධයි - ඇමති රාජිතගෙන් ඉඟියක්

මහනුවර ගැටුමට මන්ත්‍රීවරයෙක් සම්බන්ධයි - ඇමති රාජිතගෙන් ඉඟියක්
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා  පොලිස් ස්ථානයට ගොස් බලපෑම් කර ඇති  බවද  හෙළිවී ඇතැයි   ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
 
එම මන්ත්‍රීවරයා කවුදැයි හෙළිදරව් කරන ලෙස මාධ්‍යවේදීන් ප්‍රකාශ කළ අතර ඉදිරියේදී එය සිදුවනු ඇතැයි සේනාරත්න මහතා සඳහන් කළේය. 
 
මේ අතර මහනුවර සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුට චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳවද අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදී ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ   අමාත්‍යවරයෙක් එම සිද්ධියට සම්බන්ධ නොමැති බවයි.
 
එමෙන්ම උක්ත සිදුවීම් වලට අදාළව අත්අඩංගුවට ගත කිසිම පුද්ගලයෙකු නිදහස් කර නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.
 
මහනුවර සිදුවීම් වලට ආරක්ෂක අංශ වල සාමාජිකයන් කිසියම් හෝ අයුරකින් සම්බන්ධ වී ඇත්ද යන්න පිලිබන්දානාවරණ කර ගැනීම සඳහාද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද මාධ්‍ය හමුවේදී කියැවිණි.
 
ආශිකා බ්‍රාහ්මණ    
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment