නඩු ප්‍රමාදය අවම කර ගැනීම අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගේ වගකීමක් - අමාත්‍ය තලතා අතුකෝරල

නඩු ප්‍රමාදය අවම කර ගැනීම අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගේ වගකීමක් - අමාත්‍ය තලතා අතුකෝරල

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති සිතාසි බෙදන්නා, ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා, අධිකරණ ඝෝෂක සහ ප්‍රවේශක තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළාය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.

"රාජ්‍ය සේවකයන් රාජකාරිය නිසි පරිදි ඉටු කරන්න කැපවී කටයුතු කළ යුතුයි. අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයන් වන ඔබට අනෙක් අයට වඩා වැඩි ඉහළ වගකීමක් තිබෙනවා. ඒ බව ඔබ විශේෂයෙන් අවබෝධ කරගත යුතුයි. රජයේ සේවකයන් වන අපි ජනතා බදු මුදල්වලින් වැටුප් ලබන බව අවබෝධ කරගත යුතුයි. අනෙත් කරුණ අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය බව මතක තබාගත යුතුයි. ලෝකයේ කිසිදු දියුණු වෙමින් පවතින රටක අධ්‍යාපනය වෙනුවෙන් මේ විදිහට රජයක් වියදම් කරන්නේ නැහැ. පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් රජය ඔබ වෙනුවෙන් වියදම් කරනවා. ඒ නිසා නිදහස් අධ්‍යාපනයෙන් වැටුප් ලැබු ඔබ ජනතා බදු මුදල්වලින් වැටුප් ලබන ඔබ අවංක කාර්යක්ෂම සේවයක් ලබා දීමටත් කටයුතු කළ යුතුයි.

මේ රටට විශාල වශයෙන් ඉදිරියට යාමට නම් අමාත්‍යාංශයක ලේකම්වරයාගේ සිට සනීපාරක්ෂක කම්කරු සේවකයා දක්වාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වාත් තමන්ගේ සේවය නිසි පරිදි ලබා දීම වැදගත් වෙනවා.

අපි සියලු දෙනා අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයන් වශයෙන් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතුයි. අධිකරණ සේවකයන් වන ඔබ නිසි පරිදි ක්‍රියා කළහොත් නඩු ප්‍රමාදය අවම කර ගැනීමට එය මහත් පිටුවහලක්. අපිට වගකීමක් තිබෙනවා නඩු ප්‍රමාදය අවම කිරීමට කටයුතු කිරීමට. නඩුවක් සඳහා සාමාන්‍ය මිනිසුන් පෙනී සිටින්නේ විශාල මුදලක් කැප කරලා. නීතිඥ ගාස්තු සඳහා කොතරම් මුදලක් වැය කරනවාද මේ පිළිබඳව අධිකරණ සේවකයන් වන ඔබ කල්පනා කළ යුතුයි. නඩුවක් සඳහා පෙනී සිටින පුද්ගලයෙක් කොතරම් කැපකිරීම් කරලා ඒ සඳහා මහන්සි වෙනවාද කියලා ඔබේ ඥාතිවරයෙක් එවැනි දේකට පෙනී සිටින විට ඔබට වැටහෙයි. ඒ නිසා මේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂම බව නඩු ප්‍රමාදය අවම කිරීමට ඔබේ සහයෝගය අපට ලබා දෙන්න."

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment