ලක්ෂ්මන් විජේසේකර සඳ කිණිති නැමී සමග 17 දා නෙළුම් පොකුණේ !

ලක්ෂ්මන් විජේසේකර සඳ කිණිති නැමී සමග 17 දා නෙළුම් පොකුණේ !

 

ලක්ෂ්මන් විජේසේකර යනු හැත්තෑව දශකයේ නැග ආ ගායන පරම්පරාවේ, දක්ෂතමයෙකි. සිය ගණනින් ගී නොගැයුවත්, නම කී පමණින් රට හඳුනන, මිහිරි ගී ගයන ගායකයෙකි. ශ්‍රී ලාංකේය සංගීත රසික රසිකාවන්ගේ හදවතේ ලැගුම් ගත්, ආදරණීය ප්‍රවීණයෙකි.

ඔහු ගැයූ මිහිරි ගී අතර මිහිරිතම ගී පොකුර මේ ප්‍රසංගයේදී දිගහැරෙයි. ඔහු සමග ගී ගැයූ ගායිකා හඬවල් සියල්ල ම පාහේ මේ ප්‍රසංගයේදී රැව්දෙයි. ලක්ෂ්මන් විජේසේකර සුගායනය සමග නිර්මලා රණතුංග - සමිතා එරන්දතී මුදුන්කොටුව - ප්‍රදීපා ධර්මදාස යන ශිල්පිනියන්ගේ කිංකිණි රාව මුසු වෙයි. චන්ද්‍රලේඛා පෙරේරා නියෝජනය කරමින් ඇගේ දියණියක වන වින්ඩි ගුණතිලක ගී ගයයි.

මේ සුවිශේෂී ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. දිවයිනේ දැනට සිටින දක්ෂතම ශිල්පීන්ගෙන් වාද්‍ය වෘන්දය සමන්විත වනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment