කාෂ්මීර කාන්තා රග්බි කණ්ඩායමකට නාමල්ගෙ උදව්.


කාෂ්මීරයේ කාන්තා රග්බි කණ්ඩායමකට පුහුණුකාරිත්වයෙන් උපකාර කිරීමට පාර්ලිමේනතු මනත්‍රී මෙන්ම රග්බි ක්‍රීඩක නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්ව ඇතැයි හින්දු පුවත් සේවය වාර්තා කරයි.

“මම ලංකාවේ ජ්‍යෙෂ්ඨ රග්බි පුහුණුකරුවෙක් වන රොනී ඊබ්‍රහිම්ට කතා කළා. මේ තරුණ කණ්ඩායමට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදෙන්න අපි ලෑස්තියි” යැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ සඳහා අවශ්‍ය උපකාර කිරීම වෙනුවෙන් මන්ත්‍රීවරයා මැයි මාසයේදී ජම්බු කාෂ්මීර් වෙත සංචාරය කිරීමට නියමිතය.

“පුහුණු සැසි පැවැත්වීම පිළිබඳව අපි අවධානය යොමුකරනවා. කාෂ්මීරයේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව අවධානය යොමුකළ විට ක්‍රීඩාවට සමගි සන්ධානවීම සඳහා විශාල දෙයක් කරන්න පුළුවන්.” යැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මන්ත්‍රීවරයාගේ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජම්මු කාශ්මීර් මහ ඇමතිනී මෙහෙබූබා මුෆ්ටි මහත්මිය සිය ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

දිල්ලි හි සිට ක්‍රියාත්මක World is One News  පුවත්සේවය කළ වාර්තාවකට අනුව නාමල් රාජපක්ෂ මහතා මෙම උපකාර කිරිමට ඉදිරිපත්ව ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment