මස්කෙළිය ප්‍රාදේශීය සභා කලබලේ පොලීසියට ගලුත් ගහලා කැරලි මර්දනෙත් කැඳවලා


මස්කෙළිය ප්‍රාදේශීය සභා කලබලේ
පොලීසියට ගලුත් ගහලා
කැරලි මර්දනෙත් කැඳවලා


පළාත් පාලන මැතිවරණයේ අලූතින් ස්ථාපනය කරන ලද ආයතන පිහිටුවීම ඉතා හාස්‍යජනක පුවත් මතුකරනු මේ දිනවල දක්නට ලැබේ. පුංචි ඡන්දය තියන් නැත්තෙ ඇයිදැයි කාලයක් තිස්සේ හඬ නැගූ අය ඡන්දෙ තියා ආයතනය පිහිටවූ පසු සභාවට පැමිණ නැති අතර ඝන පූර්ණ වාර්තා නොවී ඇතැම් සභාවන් කල්තබා තිබේ. තවත් ඒවායේ ප්‍රදේශයේ ඡන්දය දුන් අය ඉහළින්ම තේරු සභිකයින් පැත්තකට දමා සල්ලි වලට හුවමාරුවී කිසිදා අසා නැති සභාපතිවරුන් නගරාධිපතිවරුන් නිර්මාණය වී තිබේ.
මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ
සභාපති හා උප සභාපතිවරයා තේරීම අද දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතු කළේ මේ පසුබිමේය.
අද (28) උදෑසන 10.30 මස්කෙළිය

අම්බාල් ශාලාවේ මස්කෙළිය ප්‍රාදේශීය සභා රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ හා ස්වාධීන කණ්ඩායමක සහයෝගය මත සභිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත ඝණ පුර්ණයකින් මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිනිය ලෙස ලංකා කම්කරු කොංග‍්‍රසයේ සෙම්බගවල්ලි මහත්මිය එක්සත් ජනතා නිදහස් පෙරමුණේ එස්.ඒ. දිසානයක මහතා විසින් යෝජනා කර ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 7 දෙනෙකු ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් සභිකයින් 7 දෙනෙකු සිටියත් අද දින සියල්ලන් නොපැමිණි නිසා එම සභාවේ සභාපතිවරයා සඳහා වෙනත් නම් යෝජනා නොවු අතර සෙම්බගවල්ලි මහත්මිය සභාපතිනිය ලෙස තේරීපත්ව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 6 දෙනෙකු මෙහිදී තමන්ට අසාධාරණයක් වූ බව කියමින් විරුද්ධවී ඇති අතර දැඩි නොසන්සුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙම තත්වය විසීසට පොලිසියට කැරළි මර්දන ඒකක කැඳවන්නටද සිදුවිය.
මේ  වන විට පොලීසියටද ගල් ප‍්‍රහාර එල්ල වෙමින් පවතියි.

වාර්තාව- ගාමිණී ඉලංගන්තිලක






















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget