සන්ධානයයි පොහොට්ටුවයි වර්ජනයේ - හම්බන්තොට මහනගර සභා පළමු රැස්වීමත් කල් යයි

සන්ධානයයි පොහොට්ටුවයි වර්ජනයේ - හම්බන්තොට මහනගර සභා පළමු රැස්වීමත් කල් යයි
 
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රිකයේ මන්ත්‍රී ආසන 09ක් දිනා ගනිමින් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හැකිවූ එකම පළාත් පාලන ආයතන වූයේ  හම්බන්තොට මහනගර සභාවයි. ඒ අනුව අද දින (28) එහි ප්‍රථම සභා රැස්වීම දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
 
එහෙත් අද දින සභා වාරය සඳහා පැමිණ සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 09 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා පමණක් වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වූ මන්ත්‍රීවරු සභාව වර්ජනය කරනු ලැබිය.
a h3
 
එසේ වුවද ව්‍යස්ථාවට අනුව මසක් තුළ නැවත දැනුම් දී සභාව කැඳවීමට කටයුතු කරන බව දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා ප්‍රකාශ කර සිටියේය.
 
එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දුට නගරාධිපති වෙන්න ඕනිලු 
 
මේ අතර පසුගිය දිනයකදී මාධ්‍ය හමුවක් කැඳවමින් හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරින් සමග එක්වී තමන් නැවත එහි නගරාධිපති වන බවයි.
 
බලය පිටුවන්න සන්ධානෙයි පොහොට්ටුවයි සාකච්ඡා 
 
 එමෙන්ම අද දීන හම්බන්තොට මහනගර සභාවේ සභා වාරය වර්ජනය කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී  ගාමිණි ශ්‍රියානන්ද මහතා කියා සිටියේ හම්බන්තොට මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂය බලය පිහිටුවනවාට අකමැති නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මන්ත්‍රීවරුන් සමඟ බලය ලබා ගැනීම සඳහා සාකච්ඡාවක් පවතී බැවින් අද  සභා වාරය වර්ජයන කළ බවයි.
 
එජාපය බලය ගන්නවට රාජපක්ෂවරු විරුද්ධයි  - නියෝජ්‍ය ඇමති දිලිප් කියයි 
 
a h 2
මෙම අවස්ථාවට සහබාගි වූ එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදආරච්චි මහතා කියා සිටියේ හම්බන්තොට මහනගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය දිනා ගැනීම පිළිබඳව රාජපක්ෂවරු විරුද්ධ නිසා අද දින  සභාව වර්ජනය කර ඇති බවයි. මෙවැනි වැඩ නොකර ජනතාවට සේවය කිරීම සඳහා මන්ත්‍රීවරු සභා ගැබට එවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වේද ආරච්චි මහතා කියා සිටියේය.
 
a h 4 
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget