මනසිකාර, යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර බුද්ධ වචනය නොවේ!

මනසිකාර, යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර බුද්ධ වචනය නොවේ!

ගාථා කටපාඩම් කොට කීම අප සමාජයේ හාමුදුරුවරුන් විසින් අපව පුහුණුකොට ඇත්තකි. ඔවුහුද කටපාඩමින් පිරිත් කියති. පරිත්ත (පිරිත්) යනු ආරක්ෂාවයි. ආරක්ෂා කිරීමට මෙහි කෙනෙකු නැති බව බුදු පණිවුඩයේ මූලික පදනමයි. මේ කරුණ දීර්ඝ ලෙස පෙර ලිපියක් විස්තර වුණි. 

තේරුම නොදැන ගාථා කටපාඩම් කිරීම නිසා මෙම බුදු වදනේ අරුත නොදැන මහජනයා අතරමං වී ඇත. මනසින් කෙසේවත් සත්‍යය සොයා ගත නොහැක. බුදුන් වහන්සේ මනසින් නික්මීම, මනසේ ක්‍රියාකාරීත්වය නතර කිරීම නිවනට මග බව ප්‍රකාශ කළේ ඒ නිසාය. 

"සුවිජානෝ භ භවං හෝතී" - "කොතරම් පිරිසුදු කළත්  විඥානයෙන් භව (සිතිවිලි) සිදු වේ"යයි බුදුන් වහන්සේ පරාභව සූත්‍රයේ පවසා ඇත. විඥානය ඇතිවන්නේ මනසේය. මනස ආශ්‍රිත සෑම  ක්‍රියාවකම විඥානය ක්‍රියාත්මක වේ. එහි ඥාන නැත. නිවන් මගට ඥාන අත්‍යාවශ්‍යය. මනසේ විඥානය කෙතරම් පිරිසිදු කළත් ඥාන පහළ නොවේ. ඥාන මතුවීමට විඥානය දුරු කළ  යුතුය. ඥානත් විඥානත් කිසිවිට එකට නොතිබේ. 

මනසෙන් දැනගැනීමෙන් (විජානාති) ඒ නිසා සත්‍යය සොයා ගත නොහැක. පංච ඉන්ද්‍රිය ආශ්‍රිතව සිදුවන මනසෙන් අවදිවීමෙන් (විඥානයෙන්) නිවනෙන් ඈත් වේ. 

මනසිකාරය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් (මනසෙන් දැනගැනීමෙන්) කිසිදා නිවනට ළඟා  විය නොහැකි බව අප්‍රමාණව බුදුන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් ප්‍රකාශ කොට ඇත. මහා සුඤ්ඤත සූත්‍රයේ  "අයං කෝ ආනන්ද, සබ්බ නිමිත්තානං අමනසිකාරා තථාගතේන  අභිසම්බුද්ධා" - "ආනන්ද මම බුද්ධත්වයට පත් වූයේ කිසිම දෙයක් මනසින් නොගෙනයි (මනස ආශ්‍රිතව හෝ මනසිකාරව නොවේ)" යයි පැහැදිලිවම බුදුන් වහන්සේ ප්‍රකාශ කර තිබියදීත් හාමුදුරුවරු මනසිකාරය පවත්වන්න යයි උපදෙස් දීම බුදු පණිවුඩය සම්පූර්ණයෙන්ම පටන්ගන්නා තැන සිටම විකෘති කරන්නකි. බුදු වචනයට අපහාසයකි. 

එයට එක්  හේතුවක් ත්‍රිපිටකයට "සාදුකං මනසි කරෝථ" යයි වචන දෙකක් පසු කලෙක එකතු වී ඇති නිසාය. නමුත් හාමුදුරුවරුන්ට "සබ්බ නිමිත්තානං අමනසිකාරා" යන වචන තේරී නැති බව පෙනේ. 

එපමණක්ද නොව ඔවුන් මහජනයා මුලා කිරීම කොතරම් දුරට කර ඇද්ද කිවහොත්, මනසිකාරය ද සිත සිතා යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර ආදී වශයෙන් මේ මායාකාරී මනසින්ම වර්ගීකරණය කරගෙන මහජනයාව තවදුරටත් වික්ෂිප්ත කිරීමට පෙළඹී ඇත. 

හාමුදුරුවරු මේ ක්‍රමයට ඔවුන් නිවන් නොදකින බව දැනදැනම  මහජනයාටද වැරදි මග පෙන්වා දෙමින් ජනතාව නිවන් මගින් ඈත්  කොට ඇත. 

හින්දු සහ ජෛන ආගම්වල මනස උසස් තැනකි. ඒ ආගම්වල මනස ශ්‍රේෂ්ඨය. එය දියුණු කළ යුතුයැයි කියනු ලැබේ. නමුත් බුදු දහමේ මනස සත්‍යය දැක ගැනීමට අවහිරයකි. ප්‍රඥා ඇසට අවදිවීමට ඉඩ නොදෙන්නේ මනසය. බුදු දහමට අනුව මනස පහත්ම තත්ත්වයකි. එය මායාකාරීය (මනෝමයා). නැතිදෙවල් ඇති බව පෙන්වමින්, "මම" යයි කෙනකු ඇති බව හඟවමින් රැවටීමකට පත් කරන්නේ මනසය. 

නිවන් දැකීමට මනසිකාරය නොහොත් මෙනෙහි කිරීම නොකළ යුතුය. මනස සහ විඥානය අක්‍රීය කළ  යුතුය. එවිට ඊට විරුද්ධ ඥානවලින් අවදි වී නිවනට මග පෑදෙනු ඇත. මනසිකාර - යෝනිසෝ මනසිකාර - අයෝනිසෝ  මනසිකාර කිරීමෙන් කිසිදා ඥාන හෝ ප්‍රඥා ඇස පහළ නොවේ. හාමුදුරුවරු කිසි කෙනෙක් නිවන් දැක නැත්තේ මෙසේ පිරිසිදු බුදු පණිවුඩයට විරුද්ධ අපහාස වන දේවල් තම ජීවිකාව රැකගැනීමට කරන නිසාය. 

කෙසේ හෝ බුදු වදනට සම්පූර්ණ විරුද්ධ මතයක් වන මනසිකාරය යම් කාලයක "සබ්බ නිමිත්තානං අමනසිකාරා" යන බුද්ධ වචනය එහි තිබියදීත් ත්‍රිපිටකයට එකතු වී තිබීම අවාසනාවකි.

ගාමිණී අභය | buddhainteligence.org

පසු සම්බන්ධයි.

පෙර ලිපි:

බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත.

බුද්ධ දර්ශනය 2- මාර්ගඵලලාභීන් බිහි නොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?

බුද්ධ දර්ශනය 3- බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?

බුද්ධ දර්ශනය 4- බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද?

බුද්ධ දර්ශනය 5- බුද්ධාගමේ පදනම වන දාන, සීල, භාවනාවලින් නිවන් දැකිය නොහැක.

බුද්ධ දර්ශනය 6- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?

බුද්ධ දර්ශනය 7- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 2 වන කොටස

බුද්ධ දර්ශනය 8- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 3 වන කොටස

බුද්ධ දර්ශනය 9- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 4 වන කොටස

බුද්ධ දර්ශනය 10- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 5 වන කොටස

බුද්ධ දර්ශනය 11 -  විපස්සනා භාවනා කොට කවුරුත් නිවන් දැක නැත්තේ ඇයි?විපස්සනා භාවනා කොට කවුරුත් නිවන් දැක නැත්තේ ඇයි?

බුද්ධ දර්ශනය 12 -  පිරිත් සජ්ඣායනා කිරීම, ගාථා කට පාඩම් කිරීම නිවනට බාධාවක් වන්නේ ඇයි?

බුද්ධ දර්ශනය 13 - බුදු පණිවිඩයේ පුනරුප්පත්තියක් නැත. එහි විස්තරවන්නේ "පුනර්" භවය (අලුත් වීම) කි. එයද නැවත ඉපදීමක් නොවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment