ජනාධිපති මාමේ තාත්තාව නිදහස් කර දෙන්න

ජනාධිපති මාමේ තාත්තාව නිදහස් කර දෙන්න

ආදරණීය ජනාධිපති මාමා ලෙස ජනාධිපතිවරයා අමතා ඇති එම ලිපියෙන් ඔහු ඉල්ලා ඇත්තේ මවගේ මරණය සමඟ තමා සහ නැගණිය තනි වී ඇති බවයි. එසේම සිය වයසක ආච්චිඅම්මා හට ඔවුන් දෙදෙනාව බලා ගැනීමේ හැකියාවක් නොමැති බවද ඔහු එම ලිපියේ සඳහන් කර ඇත. ‍

කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයේ ජීවිතාන්තය දක්වා සිරගතව සිටින සච්චිදානන්දම් ආනන්ද සුදාකර් බිරිඳ මිය යාමෙන් පසුව බිරිඳට අවසන් ගෞරව දැක්වීමට එම පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් විසින් අවස්ථාව සලසා තිබූ අතර එම අවසන් ගෞරව දැක්වීම මහත් සංවේදී අවස්ථාවක් විය.

සච්චිදානන්දම් ආනන්ද සුදාකර් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූවෙකි. 2008 වසරේදී කොළඹ බෝම්බ තැබීමේ සිද්ධියකට වරදකරු වෙමින් අත්අඩංගුවට පත්ව මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබීමෙන් අනතුරුව සුදාකරන් හට මෙම දඬුවම නියම වේ.

එහෙත් පසුගිය 18 වනදා සුදාකර් හට සිරගෙදරින් සිය නිවසට යාමට අවස්ථාව හිමි වූයේ සිය ආදරණීය බිරිඳගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වීමටය. බිරිඳට අවසන් ගෞරව දැක්වීමට සුදාකර් හට බන්ධනාගාර නිලධාරීන් විසින් අවස්ථාව සලසා තිබූ අතර එම අවසන් ගෞරව දැක්වීම මහත් සංවේදී අවස්ථාවක් වූයේ ඔහුගේ දියණිය පියා බන්ධනාගාර බස්රථයෙන් බසින විටම දිව ගොස් ඔහුගේ අතේ එල්ලී හඬා වැළපීම නිසාය.

ඔහුගේ බිරිඳ වූ ආනන්ද සුදාකර් යෝගරාණි මිය යන්නේ හදීසි අසනීප තත්ත්වයක් හේතුවෙනි. සිය බිරිඳගේ අවසන් කටයුතු දැක බලා ගැනීමට අවස්ථාව ලබා දෙන මෙන් ආනන්ද සුදාකර් විසින් බන්ධානාගාර නිලධාරීන්ගෙන කරන ලද ඉල්ලීමකට අනුව එම අවස්ථාව සැපයීමට බන්ධනාගාර නිලධාරීන් විසින් අවස්ථාව සලසා දී තිබුණේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය. ආනන්ද සුදකර් හට දරුවන් දෙදෙනෙකු සිටින අතර ළමුන් සමග මද වෙලාවක් කාලය ගත කිරීමටද බන්ධනාගාර නිලධාරීන් විසින් ඉඩ අවස්ථාව සලසා දී තිබුණේය.

සිය බිරිඳට අවසන් ගෞරව කිරීමට පැමිණී ආනන්ද සුදකර් හඬා වැළපුණු ආකාරය කාගේත් නෙතඟට කඳුළු ගෙන ආවේය. පසුව ඔහු නැවත පොලිස් ආරක්ෂාව යටතේම බන්ධනාගාරය වෙතට රැගෙන යන අවස්ථාවේදී දියණිය පියා සමඟ බන්ධනාගාර රථයේ නැග යෑමට තැත් කළේ දුටු සියලු දෙනාගේ සිත් කම්පාවට පත් කරමිනි. අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් දියණියව ඥාතීන්ට බාර දෙද්දි ආනන්ද සුදාකර්ද නැවත බන්ධනාගාරයට ගියේ හැඩූ කඳුළෙනි.

father 01

father 02

father 03

රොමේෂ් මධුෂංඛ/ ප්‍රදීපා වීරසේකර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment