
නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණු අධිචෝදනා භාර දීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරීමට නියෝග කළ අධිකරණය විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.
නඩුව ජුනි මස 04 වනදා යළි කැඳවීමට නියෝග කරන ලදී.
2014 සැප්තැම්බර් 20 වනදා සිට 2015 ජනවාරි 07 වනදා අතර කාලසීමාව තුළ මීගමු කළපුව සංවර්ධනය සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 12.50ක මුදලක් එවකට පැවති ජනාධිපතිවරණයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.
මෙම නඩු පැවරීම කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කළ බරපතළ වංචා විමර්ශන කොමිසමේ නිර්දේශ අනුව ය.
RN
0 comments :
Post a Comment