පළාත් පාලන පනත නැවතත් සංශෝධනය කරනවා - ජනාධිපති

පළාත් පාලන පනත නැවතත් සංශෝධනය කරනවා - ජනාධිපති
මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබේ.
 
පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රමාණය දෙගුණයක් බවට පත්වීම රටට කිසිසේත් ඔරොත්තු නොදෙන හෙයින් එම ප්‍රමාණය නැවතත් පැවති සංඛ්‍යාව දක්වා අඩු කළයුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
 
මන්ත්‍රීවරුන් 8000 ක් අවශ්‍ය නොවන බවත් ඒ හරහා ගොඩනැගෙන සංස්කෘතිය යහපත් සංස්කෘතියක් නොවන බව දැනටමත් පෙනී යන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරියේදී පළාත් පාලන පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
 
මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් වීම මෙන්ම ඊටත් වඩා බරපතල ගැටලු ගණනාවක් මෙම පළාත් පාලන පනතේ ඇති අතර ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විසින් ගැටලු සහිත තැන් පෙන්වා දී තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණය අවසන්වීමෙන් පසු මැතිවරණ කොමිසම ද පනතේ බරපතල ගැටලු ඇති බව පෙන්වා දුන් අතර ඒ නිසාම පළාත් පාලන ආයතන පිහිටුවීම ද මාසයකට වැඩි කාලයකින් ප්‍රමාද විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment