මැයි පෙළපාල තහනම ගැන බාහු අගමැතිට ලියයි

මැයි පෙළපාල තහනම ගැන බාහු අගමැතිට ලියයි
මහා නායක ස්වාමීන් වහන්සේලා මැයි දිනය සම්බන්ධයෙන් අනවබෝධයෙන් කටයුතු කරන බවත් පෙනීයන හෙයින් උන්වහන්සේලා ද දැනුවත් කර මෙම තහනම ඉවත් කිරීමට කටයුත කරන ලෙසයි ඔහු අගමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
 
නව සමසමාජ පක්ෂ ලේකම්වරයා අගමැතිවරයා වෙත යැවූ ලිපිය පහතින්....
 
අග‍්‍රාමාත්‍ය තුමා, 
අග‍්‍රාමාත්‍ය කාර්යාලය, 
58, ශ‍්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, 
කොළඹ 07. 
 
ගරු අගමැතිතුමණි,
 
ඔබගේ කාරුණික ඉල්ලීම ගැන අපගේ අවධානය මහත්සේ යෙදූ බව දන්වමි.
 
එවිට අපට පෙනී ගියේ මහතෙරුණ්වහන්සේලාගේ ඉල්ලීම මැයි දින ගැන කරුණු අනවබෝධයෙන් කළ දෙයක් ලෙසටයි. මක්නිසාදයත් පෙළපාලි වලින් තම දැක්ම හා ධර්මය සමාජ ගත කිරීමේ කි‍්‍රයාව අප හට මුලින්ම කියා දුන්නේ බුදුන් සහ සංඝයා වහන්සේලා හෙයිනි. එදා හාමුදුරුවරුන් පෙළපාලියෙන් ධර්ම කටයුතු වලට ගමන් කළේ බුදුන්ගේ වචනය අනුවය. විවිධ කුල වලින්, ජාතීන්ගෙන්, වංශ වලින් මහණ වූ සංඝයා වයස අනුව පමණක් සලකා එක පෙලට යොමුවී මහ මග ගමන් කිරීම එදා තිබුණ පූජක සම්ප‍්‍රදායයන් හා සමාජ සම්ප‍්‍රදායන්ට බරපතල අභියෝගයක් එල්ල කළේය. කුමක්නිසාදයත් ඊට පෙර පූජක බමුණාදීන් මහ ඉහලින් ජනයාගේ කර පිටින් ගමන් කරමින් මිසදිටු වචන දේශනා කළ බැවින් එයට බුදුන්ගේ ක‍්‍රමය තර්ජනයක් විය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වෙනුවෙන් මහ මගට වන් සගරුවන ජනයා දෙපස බලා ඉදිද්දී, ඔවුන්ගේ සත්කාර හා සාදු නද මැද ගමන් කළ බව දම්ම කථා තුළින් අපට තොරතුරු ලැබී ඇත. පෙළපාලිය හා පෙරහැර බුදු මතය අනුවම හුදී ජනයා දැනුවත් කරමින් යන මහමග දහම් ඝෝසාවට ආයතනයක් බවට පත් කළෝය.
 
නූතන බටහිර ලෝකයට ලැබුණ මැයි දිනය තුළින් මේ සම්ප‍්‍රදාය යලි කියවීමක් සිදු වනවා මිස අපට අලුත් දෙයක් නොවෙයි. අපගේ මැයි පෙලපාලි ජාතිවාදයට, අගතියට, සූරාකෑමට විරුද්ධව ගෙනයන දහම් හඬක් මිස අන් දෙයක් නොවේ. මේ නිසා අපගේ පෙලපාලි බුදුන් උපන් දිනයේ ඉවත් කිරීමට කරන යෝජනාව එතුමන් හට කරන අපහාසයක් ලෙස දකිමු.
 
මැයි දිනයේ පෙළපාලි නැවත්වීමට, පෙර රජයන් ක‍්‍රියා කළ සැම විටකම අප එය නොතකා පෙළපාලි ගිය බවත් විශාල ගැටුම් ඇති වූ බවත් මතක් කිරීමට කැමැත්තෙමු. අන්තිම වතාවේ දී අපට පහර දුන් හා බාධා කළ රජය ජනතාවගේ ප‍්‍රකාශ කිරීමේ අයිතිය අනුව වරද කරුවා වූ බවත්, ඒ පිළිබදව වන්දි ගෙවූ බවත් ඒ පිළිබද අදාල නඩු තීන්දු නඩු වාර්තා පොතේ ඇතුලත් වී ඇති බවත් මකත් කරමු.
 
මහා තෙරුණ්වහන්සේලාගේ මේ වැරදි වැටහීම ඉවත් කිරීමට මැදහත් වන ලෙසටත් නීතියෙන් නිර්ධනයන් ලැබූ අයිතිය රැක දෙන ලෙසත් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි.
 
මෙයට, 
ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න
ප‍්‍රධාන ලේකම් 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment