සුළං බල මෙහෙයුමෙන් 2020දී විදුලි බල අර්බුදයට විසඳුමක් දෙනවා - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

සුළං බල මෙහෙයුමෙන් 2020දී විදුලි බල අර්බුදයට විසඳුමක් දෙනවා - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (06) දා ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවය ඇතිකිරීම සඳහා හම්බන්තොට බුරුතන්කන්ද සුනිත්තබල අධිකාරියට අයත් බලශක්ති උද්‍යානයේ ආරම්භ කරන ලද සුළං බල මෙහෙයුමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයේදී පරිසරයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. කොහෙන්වත් මෙය ආනයනය කරන්න ඕනේ නැහැ. ඒ තත්ත්වය 2030 වෙනකොට සියයට 50% දක්වා වැඩි කරන්න අපි කටයුතු කරනවා. අද අපි විදුලිබල නිෂ්පාදනය සඳහා ජලය උපරිම ලෙස භාවිත කර තියෙනවා. අපිට මින් පස්සේ ලංකාවේ ජල විදුලි බලාගාර හදන්න තැනක් නෑ. අලුතින් දියඇල්ලක් හැදුනොත් ගංගාවක් හැදුනොත් විතරයි අපිට ඒ සඳහා අවස්ථාව උදා වෙන්නේ. නමුත් අපිට සූර්යා ඇතිවෙන්නම තියෙනවා, සුළඟ තියෙනවා, ඒ තුළින් පුළුවන් අපිට විදුලිය නිෂ්පාදනය කරන්න.''

පසුගිය 23 වනදා ලංකාවේ මෙගාවොට් 650කට අධික වාර්තාගත විදුලි පරිභෝජනයක් සිදු වී තිබුණා. සූර්ය බල සංග්‍රාමය ආරම්භ කරමින් නිවසක් පාසා සූර්ය බල උත්පාදනයට අවස්ථාවක් සලසා දීමෙන් එම ගැටලුවලට විසඳුම් ලබාගන්න පුළුවන්.

මාධ්‍යවලින් ද මේ සඳහා යම්කිසි දායකත්වයක් ලබාදෙනවා නම් සෑහෙන වටිනාකමක් හැදෙනවා. විශේෂයෙන්ම බොහෝ විට මාධ්‍යවලින් යන්නේ රටේ ජනතාවගේ ඉල්ලුමට හරියන හෝ වේවා යහපත් දේ වාර්තා කරනවා වෙනුවට ලෝකය ඉල්ලන විදියට ප්‍රවෘත්ති ලබා දීම. එක නිදසුනක් ලෙස අනුරාධපුරයේ පුනර්ජනනීය මධ්‍යස්ථානය ආරම්භ කරන්න බෝඩ් එකක් අපි දැම්මා. ඒ බෝඩ් එකේ මන්ත්‍රීවරයෙක්ගේ පක්ෂය වෙනස් වෙච්ච එක තමයි මාධ්‍ය මගින් වාර්තා වුණේ. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ඒ ගැන එදා වාර්තා වුණේ නැහැ. අපි ඒ ගැන වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. නමුත් සිද්ධ වෙන්න ඕන යහපත් පණිවිඩ වැඩි වැඩියෙන් ගෙනිහිල්ලා රටේ ජනතාවගේ යහපත උදෙසා එය කොතරම් දුරට ගැලපෙනවද කියන එක සොයා බලන එක."

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment