පොහොර සහනාධාරය යළිත්.


වී ගොවීන් සඳහා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් අද(06 දා) මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කර සිටියි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම යෝජනාව රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට හිමිවන බව එම අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව, මෙතෙක් පැවති පොහොර මිලදී ගැනීමට මුදල් ලබාදීමේ ක්‍රමය වෙනුවට නැවතත් ගොවිජනතාවට සහනාධාර පොහොර ලබාදීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget