
සම්මුතිවාදී වත්මන් ආණ්ඩුව 2/3 බලය සාදා ගනු ලැබුවේ 2015 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ සහ ජාතික හෙළ උරුමය ද, රාජිත සේනාරත්න වැනි එම මැතිවරණයේ දී එ.ජ.නි.සෙ.න් ඉවත්ව ආ පිරිස ද ඇතුළත් ‘අලියා ලකුණින් තරග වැදී‘ ජයගත් ආසන 106 ට එ.ජ.නි.සෙ. න් පත් වූ ශ්‍රී.ල.නි.ප.43 දෙනෙකුත් එකතු කරගෙන ය. එවිට 149 ක් බවට පත් කරගත් අතර, එය පාර්ලිමේන්තුවේ 2/3 ට එක් ආසනයක් පමණක් අඩු වූ ආසන සංඛ්‍යාවක් විය. අවශ්‍යම අවස්ථාවක උදව් කරගැනීමට ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයාගේ ඊ.පී.ඩී.පී. ආසනය ද තිබුණි.
කෙසේ වෙතත්, පෙර සඳහන් කරන ලද ශ්‍රී.ල.නි.ප. 16 දෙනා යම් හෙයකින් කැඩී ගියත්, ඒ අඩුව පුරවාගැනීමට, හරියටම ඊට ගැලපෙන ආසන සංඛ්‍යාවක් සහිතව දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ සිටීම, ආණ්ඩුවට 2/3 අහිමි වීමේ බරපතලකම තුනී කරනු ඇති අතර, පසුගියදා පැවති අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමේ දී ද, දෙ.ජා.ස. ආණ්ඩුවට සහය ඵල කරන ලදී.
කෙසේ වෙතත්, මින් ඉදිරියට ආණ්ඩුවට 2/3 බහුතරයක් අවශ්‍ය වේ නම්, ඒ ‘ව්‍යවස්ථාවක්‘ පත්කරගැනීමේ දී වන අතර, එවිට එයට දෙ.ජා.ස. එකඟතාව අනිවාර්යයෙන් ම ලබා ගැනිමට සිද්ධ වනු ද ඇත.
- සුරේඛා සමරසේන
0 comments :
Post a Comment