ශ්‍රීලනිප ඇමතිවරුන්ට එරෙහි විශ්වාස භංග අගමැති අණින් නවතී

ශ්‍රීලනිප ඇමතිවරුන්ට එරෙහි විශ්වාස භංග අගමැති අණින් නවතී
කෙසේ වෙතත් එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම විශ්වාස භංග යෝජනා භාරදීම අත්හිටුවන ලෙස අදාල මන්ත්‍රීවරුන් පිරිසට දැනුම් දී තිබේ. ඒ අනුව අදාල මන්ත්‍රීවරුන් පිරිස විශ්වාස බංග යෝජනා භාරදීම කල්දමා ඇති බවයි වාර්තා වන්නේ.
 
අගමැතිවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ අදාල ඇමතිවරුන් සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හෝ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිදු තීරණයකට එළඹ නොමැති අතර අගමැතිවරයා දැනුම් දී ඇත්තේ පක්ෂයේ තීරණයක් නොමැතිව කිසිවක් සිදු නොකරන ලෙසයි.
 
විශ්වාස භංග ඉදිරිපත් කිරීම මන්ත්‍රීවරුන් කණ්ඩායමකගේ තීරණයක් වන අතර අගමැතිවරයා දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබාගත යුතු බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment