
යම් හෙයකින් ඔවුන්ට එරෙහිව විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කළේ නම් තවත් මාස කිහිපයක් ඔවුන්ට සිය තනතුරු ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ. ඒ ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන හෙයින් සහ විශ්වාස භංග ක්‍රියාවලිය සඳහා කාලයක් ගතවන හෙයිනි. අගමැතිවරයා දරන ස්ථාවරය වන්නේ රජයට එරෙහි වූ ඇමතිවරුන්ට තවදුරටත් කැබිනට් මණ්ඩලයේ රැඳී සිටීම සදාචාරාත්මක නොවන හෙයින් වහාම ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළයුතු බවයි.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා පොරොන්දු වූ පූර්ණ කැබිනට් සංශෝධනය හැකි ඉක්මනින් සිදු කිරීම හරහා අදාල ඇමතිවරුන්ට තනතුර ලබා නොදීම ඒ සඳහා ඇති පහසුම මාවතයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපය අදාල ඇමතිවරුන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර එයට ඉඩ නොතැබිය යුතු බව එජාප බහුතරයකගේ මතයයි.
0 comments :
Post a Comment