එජාප තරුණ මන්ත්‍රීවරුන් සහ වෘත්තීයවේදින් චීන සංචාරයක.


චීන රජයේ නිල ආරාධනාවකට අනුව එජාප තරුණ මන්ත්‍රීවරුන් සහ වෘත්තීයවේදින් කණ්ඩායමක් චීනයේ නිල සංචාරයකට එක්ව තිබේ.

එම කණ්ඩායම ග්‍රාමීය ආර්ථික සංවර්ධනය පිලිබද පුහුණු වැඩසටහනකට සහභාගී වී ඇති අතර මෙම පුහුණු වැඩසටහන චීනයේ නැන්ජිං සහ චෙන්ග්දු ප්‍රාන්ත කේන්ද්‍ර කරගනිමින් පවත්වා තිබේ.

මෙම කණ්ඩායමේ හැලියාවන් සහ දැනුම චීන රජයේ විශේෂ පැසසුමට ලක් වී ඇති අතර ඉදිරියේ දී දෙරට අතර තරුණ සබඳතා වර්ධනය කර ගැනීමට ද එකඟ වී තිබේ.

මෙම සංචාරයට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදාර රත්නායක ගරු, කිත්සිරි මංචනායක, චමින්ද ද සිල්වා, ඌව පළාත් සභා මන්ත්‍රී රෝයි කාලින්ද, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හිදායත් සතාර්, දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල ගමගේ මෙන්ම ජාතික යොවුන් පෙරමුණ නියෝජනය කරමින් සහ එක්සත් වෘත්තීයවේදින්ගේ සංගමය නියෝජනය කරමින් නියෝජිත පිරිසක්ද එක්ව ඇත.

චීන පුවත්පතක පලවු සටහනක්



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment