එජාප ප්‍රතිසංවිධානය ගැන අවසන් තීරණය හෙට, නව සභාපති තලතා ?

එජාප ප්‍රතිසංවිධානය ගැන අවසන් තීරණය හෙට, නව සභාපති තලතා ?
අද දිනයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත අතර එහිදී ප්‍රතිසංවිධනා කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ කමිටු තුනේ නිර්දේශ පිළිබඳ සලකා බැලීමට නියමිත අතර ඉන් පසු නව නිළධාරී මණඩලය සම්බන්ධයෙන් අවසන් තීරණවලට එළඹීමට නියමිත වේ.
 
එජාප තනතුරු සඳහා නාමයෝජනා කැඳවා බහුතරයගේ එකඟතාවයෙන් අදාල තනතුරු සම්පූර්ණ කරගත යුතු බවට සහ 2020 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා නම් කළ යුතු බවට පක්ෂයේ බහුතරයකගෙන් මේ වනවිට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. එසේ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර 1977 වනවිට ක්‍රියාත්මක වූ පක්ෂ ව්‍යවස්ථාව නැවත බලාත්ම කළයුතු බවට ද යෝජනා වී තිබේ.
 
මේ අතර මලික් සමරවික්‍රම මහතාගෙන් හිස්වන පක්ෂ සභාපතිධූරය සඳහා තලතා අතුකෝරාල ඇමතිවරිය පත්කළ යුතු බවට එජාප ජ්‍යෙෂ්ඨයන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එජාප ඉතිහාසය වෙනස් කිරීමක් වන අතර සභාපතිධූරය සඳහා කාන්තාවක් පත් වූ පළමු අවස්ථාව වනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment