ආරක්ෂක ලේකම් අධිකරණයෙන් සමාව ගනී

ආරක්ෂක ලේකම් අධිකරණයෙන් සමාව ගනී

 

පසුගියදා අධිකරණයට ඉදිරිපත් වුණු මේජර් ජනරාල් අමල් කරුණාසේකරගේ නීතීඥවරයා පෙරකී විදෙස් ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා ඉදිරිපත් කළ මෝසම ඉල්ලා අස් කරගැනීමට ඉල්ලීමක් කර තිබේ. අමල් කරුණාසේකර මහතා විදෙස් සංචාරයේ නිරත වීමට බලාපොරොත්තු නොවන බව පවසමින් නීතීඥවරයා පෙරකී මෝසම ඉල්ලා අස් කර ගැනීමට ඉල්ලීම් කර ඇත. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙතැන සිදුවී ඇත්තේ කරුණු පටලැවීමක් බවත් එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූ කරුණු තමන් විවාදයට ලක් නොකරණ බවත්ය.

මෙම මෝසමේ මුල් විභාගයේදී ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් කරුණු දක්වා තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වන නීති නිලධාරියකු විසිනි. ආරක්ෂක ලේකම්වරයා විදෙස් ගතවී ඇති බවට අධිකරණයට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කළේ එම නීති නිලධාරියාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව නොතීසි ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී.

මේජර් ජනරාල් අමල් කරුණාසේකරගේ නීතීඥවරයා අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ මෙම අධිකරණය නොමඟ යැවීමේ සිදුවීම ගොඩින් බේරා ගැනීම සඳහාය. අධිකරණය නොමඟ යැවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ආරක්ෂක ලේකම්වරයාට නොතීසි නිකුත් කර තිබියදී මෝසම ඉල්ලා අස් කරගැනීමෙන් සිද්ධිය අවසන් කරගැනීම ඔවුන්ගේ උපාය මාර්ගය වී ඇත.

කෙසේවෙතත් මේ සිදුවීමෙන් මහත් සේ වික්ෂිප්ත වී සිටින ආරක්ෂක ලේකම්වරයා අවශ්‍ය නම් තමන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට වුව ද සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් යුධ හමුදාව තමන්ගේ නීති නිලධාරියකු අධිකරණය වෙත නොයවා නාවික හමුදාවේ නීති නිලධාරියකු අධිකරණයට ඉදිරිපත් කරන්නේ මන්ද යන්න පවා ගැටළුවකි. අධිකරණය නොමඟ යැවීමට තැත් කිරීම සුළුපටු කරුණක් නොවේ. මීට අදාළව යුධ හමුදාපතිවරයා පවා අධිකරණයට කැඳවීමට හැකියාව තිබේ. පසුගිය කාලය පුරාවට ම දක්නට ලැබුණේ යුධ හමුදාව අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා දිගින් දිගටම සහාය නොදෙන තත්වයකි. එමෙන්ම අධිකරණය ඉදිරියේ දිගින් දිගටම බොරු කරන තත්වයකි.

අප නැවත නැවතත් කියන්නේ මේජර් ජනරාල් අමල් කරුණාසේකර යනු හොඳ නිලධාරියකු බවයි. එහෙත් එක් එක් පුද්ගලයින්ගේ ක්‍රියාමාර්ග නිසා සිදුවන්නේ ඔහු අමාරුවේ වැටීමය. ඔහු අමාරුවේ වැටුණු විට ඔහුව බේරාගැනීම සඳහා කිසිවකු නොපැමිණෙන බව ද කිව යුතුය.

සබැඳි පුවත් -

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ආරක්ෂක ලේකම් අධිකරණය නොමඟ යවලා

අමල් කරුණාසේකරට නැවතත් විදෙස් ගමන් තහනමක් - ආරක්ෂක ලේකම්ට නොතීසි - Update - 01

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment