විශ්වාස භංගයෙන් රනිල් ජයගනී


122-76
විශ්වාස භංගයෙන් රනිල් ජයගනී


රටම බලා සිටි අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අද 4 රාත්‍රී 9.30 ට ඇරඹි අතර එකින් එකාගේ නම් අඬගසා සිදු කළ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 46 කින් එම යෝජනාව
පරාජයට පත් විය.

විපක්ෂව ඡන්ද 122 ක් ලැබුණ අතර පක්ෂව ඡන්ද 76ක් ලැබිණි.

(කතානායකවරයා හැර ) 224 න් ඡන්ද ප්‍රකාශ නොකළ හෝ නොපැමිණි පිරිස 26 කි.
මෙම ඡන්ද විමසීමට ශ්‍රීලනිපයේ කොටසක් එක්වූයේ නැති අතර ඔවුන් පාර්ලිමේන්තුව මගහැර ගොස් තිබුණි.
(නොපැමිණි ශ්‍රීලනිප පිරිස පක්ෂව ඡන්දය ලබාදුන්නත් 122-102 ලෙස යෝජනාව ප්‍රතික්ෂේප වනු ඇත.)
වත්මන් රජයේ ඇමති ධූර දරන එස්බී දිසානායක, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර,ලක්ෂ්මන් යාපා අබේවර්ධන,ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් රනිල්ට විරුද්ධ විය.නිමල් සිරිපාල ද සිල්වා
 මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මලිත් ජයතිලක, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලා පිටිය, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ සහ තොණ්ඩමන් යන අය
අද නොපැමිණි පිරිසට ඇතුළත් විය.
එජාපයේ සිට ස්වාධීන වූ අතුරලියේ රතන හිමිද පාර්ලිමේන්තුවේ නොසිටියේය. එජාපයේ සිට ස්වාධීන වූ විජේදාස රාපක්ෂ විශ්වාස භංගයට පක්ෂ විය.

මෙම ඡන්ද විමසීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂද ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනුණ කාරණයකි.
ඔහු රනිල්ගේ විශ්වාසභංගයට‘පක්ෂයි‘ යන්න කියමින් ඡන්දය ලබා දුන්නේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment