ලියුම ඇරියෙ අවුරුද්දට ගමේ යන්න බැරිවෙන නිසා

ලියුම ඇරියෙ අවුරුද්දට ගමේ යන්න බැරිවෙන නිසා
ඒ අනුව ඕනෑම මොහොතක ඇමති ධූර අත්හැරීමට සූදානම් බවත් එහෙත් තවදුරටත් පක්ෂය සමග සහ ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවත් එම පිරිස ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.
 
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අදාල ඇමතිවරුන් ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යවා ඇත්තේ පාක්ෂිකයන්ට මුහුණදීමට ඇති නොහැකියාව නිසා බවයි. තමන්ද නියෝජනය කරන රජයට විරුද්ධව ඡන්දය භාවිතා කර තවදුරටත් ඇමතිකම් දරමින් ගමට යා නොහැකි නිසා ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයාගෙන් ආවරණය වී සිටී.
 
විශ්වාස භංග යෝජනාවට පක්ෂවීමේදි මෙම ඇමතිවරුන් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් විමසීමක් කර ඔහුගේ කැමැත්ත මත කටයුතු නොකළ අතර දැන් ඇමතිකම් අත්හරින්නේ ජනාධිපති කැමති නම් විතරයි යනුවෙන් ප්‍රකාශ කරමින් සිටී. ජනාධිපතිවරයාගේ එකඟතාවයකින් තොරව රජයට විරුද්ධව කටයුතු කළේ නම් ඇමතිධූරවලින් ඉවත්වීමට ජනාධිපතිවරයාගේ එකඟතාවයක් ගැනීමේ අවශ්‍යතාවයක් නොමැත.
 
සිය පාක්ෂිකයන්ට මුහුණ දීම සඳහා කළයුතු හොඳම දේ වන්නේ ජනාධිපතිවරයාට ලිපි යවමින් සිටීම නොව ඇමතිධූර අත්හැර ක්‍රියාවෙන්ම ආණ්ඩුවට විරුද්ධ බව පෙන්වීමයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment