වාහන වලින් බඩු සොරකම් කරන විවාහක යුවළක් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් නවතා තිබෙන වාහන වලින්  ඉතා සූක්ෂම ලෙස දොරවල් විවෘතකොට වාහන වල ඇති දෑ සොරාගන්නා පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ සැකපිට 07 දින දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ වාහන වලින් සොරාගන්නා ලද භාණ්ඩ චෙක්පත් හැදුනුම්පත් මුදල් පසුම්බි ජංගම දුරකථන මෙන්ම වාහන ලියාපදිංචි රිසිට්පත් රියදුරු බලපත්‍ර බොහෝ දෙනා ගේ ඡායාරූප චෙක්පත් ආදී බැංකු කාඩ්පත්  රැසක් සොයා ගත් බව පොලිසිය කියයි.

දැනට සිදුකරන පරීක්ෂණවලදී වාහන රැසකින් සොරාගත් භාණ්ඩවල කොටස් රැසක් සොයාගෙන ඇති අතර ඒවා අයිතිකරුවන් සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
සිය බිරිඳ සමග දඹුල්ල කණ්ඩලම පාරේ  ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නැවතී සිටිමින් මෙම පුද්ගලයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු  දීවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මේ ආකාරයෙන් වාහනවල භාණ්ඩ සොරා ගැනීම වාහන සොරාගෙන කැබලි කොට

අලෙවි කිරීම ගෙල බැඳි රන් මාල කොල්ලකෑම ගෙවල් බිඳුම් ආදී චෝදනා රැසකට වැරදිකරු හා දඬුවම් නියම වූ මෙන්ම අධිකරණය මගහැර මින් සිටි අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
මෙම පුද්ගලයා රැගෙන එන භාණ්ඩ අලෙවි කිරීම මුදල් බවට පත් කිරීම උකස් තැබීම සහ මෙම පුද්ගලයාට විවිධ අධිකරණ වලට ගොස් ඇප තැබීම සිදු කිරීම බිරිඳ විසින් සිදුකරන බව පොලිසිය කියා සිටී. මහියංගන ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය කියයි .මොවුන් දෙදෙනා සමග කුඩා දරුවන් දෙදෙනෙකු ද පොලිස් භාරයේ පසුවෙති.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා සිදුකරන ලද තවත් වංචනික ක්‍රියාවක් හෙළිදරව් කර ගැනීමට පොලිසියට හැකිවී  තිබේ. එනම් තමන් ගේ රුවට සමාන අයෙකුගේ වාහන පදවන රියදුරු බලපත්‍රය පාවිච්චි කරමින් ඔහු නමින් පෙනී සිටිමින් සොරාගන්නා රන් භාණ්ඩ අලෙවි කොට තිබෙන බවය.

කොළඹ ගම්පහ අත්තනගල්ල දී ප්‍රදේශ කිහිපයක ම සුපෝඛබෝගී වාහන සොරා ගෙන ඒවා කැබලි කොට අලෙවි කිරීමේ ජාවාරම් රැසක් තමන් විසින් සිදුකළ ඇති බව සැකකරුගේ පාපොච්චාරණය වලදී හෙළිදරව් වී ඇතැයි පොලිසිය කියයි,

යකඩ අඩිරූලක් හා සමාන පටියක් උපයෝගී කරගෙන මෙම පුද්ගලයා හෝ වාහනවල දොරගුලු ඇරීම සිදුකරන බවත් වීදුරු කැපීම සඳහා උපයෝගී කරගන්නා මෙවලමක් උපයෝගී කරගෙන වාහනවල ඇතුළත දොරවල් විවෘත කරන බව එම උපකරණ ද අත්අඩංගුවට ගෙන තිබේ. බොහෝ දෙනාගේ බැංකු කාඩ්පත් වලින් විශාල වශයෙන් භාණ්ඩ ලබා ගැනීම ද මොහු විසින් සිදුකර ඇතැයි ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂාකිරීමේදී හෙළිදරව් වී ඇති බව පොලීසිය කියයි.

(කාංචන කුමාර ආරියදාස)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment