ඒ අනුව රුපියල් මිලියන 1,748 ක ආයෝජනයකින් ගොඩනගන ලද දෙමටගොඩ ආරාමය පෙදෙස සියපත් සෙවන නව නිවාස සංකීර්ණයේ නිවාස 437ක් හෙට (10) දිනයේදී ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරේ.
‘නිවසක් වෙනුවට ජීවිතයක්’ යන නමින් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම සහ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන අංශය විසින් කි‍්‍රයාත්මක කරන වැඩසටහන යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
2020 වසරට පෙර අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දීමේ අරමුණින් රුපියල් මිලියන 42,330 ක නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජන මත නව නිවාස 9,100 ක් මේ වන විටත් ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් එම නව නිවාස සංකීර්ණ හේනමුල්ල, දෙමටගොඩ, අංගොඩ, මට්ටක්කුලිය, අලුත් මාවත, මාලිගාවත්ත, කොලොන්නාව, කොළඹගේ මාවත, කාලිංග මාවත, ටොරින්ටන් මාවත සහ බ්ලූමෙන්ඩල් යන ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිවන බවද මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
2016, 2017 වර්ෂවලදී රුපියල් මිලියන 7,496 ක් නාගරික සංවර්ධන අධිකාරිය සතු මුදලින් ආයෝජනය කර නිවාස 1,874 ක් ඉදිකර ජනතාව වෙත ලබා දී ඇති බවත් 2018 වසරේ මැයි මස වන විට රුපියල් මිලියන 5,756 ක ආයෝජනයකින් තවත් නිවාස 1,439 ක් ජනතා අයිතියට පත් කරන බවත් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
0 comments :
Post a Comment