දකුණේ පැතිරෙන වෛරස් රෝගය ගැන සොයා බැලීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

දකුණේ පැතිරෙන වෛරස් රෝගය ගැන සොයා බැලීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක අනිල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් පසුගිය දිනවල දකුණේ සංචාරයක නිරත වූ අතර අදාළ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර තිබේ. අද (21) දිනයේදී ද තවත් කණ්ඩායමක් එම ප්‍රදේශවල සංචාරය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

මෙම හදිසි තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී තීරණය කර ඇත්තේ මෙම රෝගීන් සිටින රෝහල් සඳහා අවශ්‍ය සියලු ඖෂධ සහ උපකරණ කඩිනමින් යොමු කිරීමටයි.

මේ වනවිට දකුණේ ප්‍රදේශ කිහිපයක මෙම වෛරස් උණ රෝගී තත්ත්වය බහුල ලෙස පැතිරෙමින් යන අතර විශේෂයෙන් කුඩා දරුවන් විශාල ප්‍රමාණයකට මෙම රෝගය වැළඳී තිබේ.

dakuna virus 1

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment