අපරාජිත රාජ්‍යයක් වෙනුවෙන් සැවොම පෙරට එන්න - ජනාධිපති (වීඩියෝ)

අපරාජිත රාජ්‍යයක් වෙනුවෙන් සැවොම පෙරට එන්න - ජනාධිපති (වීඩියෝ)

2015 ජනවාරි 08 වැනි දින සිය නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ ආණ්ඩුවේ ධුර කාලය තුළ ක්‍රියාත්මක වූ 07 වැනි පාර්ලිමේන්තුවේ ජනාතාවාදී අණ පනත් කිහිපයක් සම්මත කර ගැනීමට හැකි වූ අතර එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අද්විතීය කාරණයක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ඒ අනුව, දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය පිහිටුවීම පිළිබඳ සංශෝධන පනත, ජාතික ඖෂධ පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 19 වන සංශෝධනය පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ සඳහනක් කළේය.

රටේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ කිසිදු අගතියකින් තොරව ජාතික සම්මුතියකට ඒකාරාශි වීම සුවිශේෂී කාරණාවක් ලෙස දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ සාම්ප්‍රදායික වශයෙන් පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබෙන එදිරිවාදී දේශපාලනය පසෙකලා ජාතික අවශ්‍යතාවන් සාක්ෂාත් කරගැනීමට දේශපාලන පක්ෂවලට සාමූහිකව කටයුතු කළ හැකි බවයි.

ශ්‍රී ලංකාව තුළ නිදහස් ලැබූ දා පටන් රට තුළ ගොඩගැසුණු සහ නොවිසඳුණු ජාතික මට්ටමේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව, සාකච්ජාව සහ සම්මුතිය තුළ ගැබ්ව ඇති බව තහවුරු වූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඒ අනුව,
දශක තුනකට අධික කාලයක් පුරා යථාර්ථයක් බවට පත්කර ගැනීමට නොහැකිව තිබූ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය යථාර්ථයක් වී ඇති අතර දුම්වැටි පිළිබඳ 80% රූපමය අවවාදය, නව දුම්කොළ සහ මධ්‍යසාර පනත මගින් ක්‍රියාවට නැගී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය අනුව ජනමත විචාරණයකින් තොරව විධායක ජනාධිපති ධුරයේ උපරිම බල කප්පාදුවක් කිරීමට හැකි වීම සම්මුතිවාදී දේශපාලනයේ සැබෑ ශක්‍යතාව බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

2010 වසරේ සිට රටට අහිමි වූ ජී.එස්.පී. බදු සහනය නැවත ලබා ගැනීමට හැකි වීම හරහා එමඟින් භාණ්ඩ 6600ක් සඳහා වාසිය රටට අත්වූ අතර එයින් සමස්ත ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද සිය රාජාසන කතාවේදී ජනාධිපතිවරයා සිහිපත් කළේය.

(ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද සම්පූර්ණ කතාව පහතින් දැක්වෙයි.)

ආශිකා බ්‍රාහ්මණ

my3 parliment 1

my3 parliment 2

my3 parliment 3

my3 parliment 4

my3 parliment 5

my3 parliment 6

my3 parliment 7

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment