2015 වසරේ ජනතාව පැවති දූෂිත පාලනය වෙනස් කරමින් යහපාලන ආණ්ඩුව පිහිටුවීමට බලය ලබාදුන්නේ පැවති සිදු වූ දූෂණ, වංචා, මිනිස් ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර වැරදිකරුවන්ට දඬුවම් කිරීම සඳහා බව පෙන්වා දුන් ඇමතිවරයා සඳහන් කළේ එම පරීක්ෂණ ප්‍රමාදවීම හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇති බවයි. ඇතැම් නඩු විභාවෙමින් තිබුණද ඇතැම් නඩු විභාග කිරීම මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවත් එම කටයුතු කඩිනම් කිරීම සඳහා මෙම පනත ඉදිරිපත් කරන බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'ඇතැම් මනුෂ්‍ය ඝාතන පරික්ෂණ සාක්ෂි සටහන් පවා විනාශ කර තිබුනා. ඝාතනවල ඇටකටු පවා අතුරුදන් කර තිබුනා. මිග් යානා ගණුදෙනුවේ පරික්ෂණ වාර්තා වෙනස් කර තිබුනා. මෙම අකටයුතුකම් සියල්ල යථා තත්ත්වයට පත් කර ගනිමින් පරීක්ෂණ පැවැත්වීමට නිලධාරීන්ට සිදු වුනා. අධිකරණයේ මන්දගාමීභාවයක් ද පැවැතුනා. ඇතැම් නඩු තීන්දු අත්අඩංගුවට ගැනීමට බැරිද පුළුවන් ද කියා ලබා දී තිබුනා. සමහර නඩු විභාග මාස 08 ක් දක්වා කල් දැමුනා. නීතිඥවරු ප්‍රකාශ කළ පරිදි ඇතැම් තීන්දු නීතියට අදාල නොවන පරිදි ලබා දී තිබුනා. එම නිසා විශේෂ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කළා. එය පසුගිය කාලයේ මුලාවක් වී තිබුනේ හිටපු අධිකරණ අමාත්‍යවරුන්ගේ ක්රියාකළාපය හේතුවෙන්. අමාත්‍යවරුන්ට කරන්න බැරි වූ දෙය වත්මන් අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරාළ මහත්මිය විසින් සිදු කළා. ඒ සියලු දෙනාගේම එකගතාවය ද ලබා ගනිමින්. මෙම පනත් කෙටුම්පත හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.'
'මෙම පනතට එරෙහිව පෙත්සම් 07 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුනා. එහිදි ලබාදුන් තීන්දුව පිළිබදව ප්‍රශ්ණයක් නැහැ. අගවිනිසුරුවරයාගේ අවසන් එකඟතාවය මත නඩු විභාග වෙනවා. පසුගිය මැතිවරණවලදී සහ රැස්වීම්වලදී මම මනුෂ්‍ය ඝාතන වංචා සහ දුෂණ වලට නඩු පැවැරීම පිළිබදව දිර්ඝව කථා කළා. එය නිවැරදි ලෙස ඉටු නොවන අවස්ථාවලදී මම අසරණ වුවත්, ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට මම සෑම විටම උත්සාහ කළා. අධිකරණ පද්ධතියේ තිබූ මන්දගාමීභාවය මේ වන විට අවසන් වී තිබෙනවා. මෙම පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කර ගනිමින් දිනපතා නඩු අහනවා. කල්මැරීමක් සිදු වන්නේ නැහැ. අධිකරණ 03 ක් ස්ථාපිත කරනවා. නීතිය සහ සාධාරණය යටතේ අගතියට පත් වූ සියලුම පුද්ගලයින්ට සහන ලබා දෙනවා. වත්මන් රජයට එල්ල වී ඇති ප්රමුඛ චෝදනාවක් වන්නේ බැඳුම්කර චෝදනාවයි. මාධ්‍ය මගින් ද බැඳුම්කර කොමිසමේ කටයුතු දෛනිකව වාර්තා කළා. එම කොමිසමේ වාර්තාවලට අනුව සිදුව ඇති අලාභය රුපියල් බිලියන 11 ක්. සමාගමේ මුදල් වලින් බිලියන 12 ක් රඳවාගෙන තිබෙනවා. නමුත් 2007 සිට 2014 දක්වා සිදුව ඇති මුල්‍ය වංචාවල ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 04 ක් වෙනවා.'
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
'ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයායි. හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ද විවිධ චෝදනා ලබමින් අධිකරණ නියෝග මත නිදහස් වී තිබෙනවා. නමුත් ඒ කාලයේ ඔහුට කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ. නමුත් වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ජනාධිපතිවරයා නියෝග කළේ සේවයෙන් ඉවත් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි. මට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා පිළිබඳව වැඩිදුර තොරතුරු නොදන්නා බවයි. මෙම ලේකම්වරයා එම තනතුරට පත් කරන බව මම දැනගත්තේ නම් ජනාධිපතිවරයාට දැනුම් දෙනවා පත්කිරීම අහෝසි කරන ලෙස. මොකද නැගෙනහිර කොළඹ මුලික රෝහලේ ඉඩම් ප්‍රශ්නයක් පිළිබඳව මෙම පුද්ගලයා සමග සාකච්ඡා කරන විට ඔහු රජය පැත්ත නොව පෞද්ගලික අංශයේ පැත්ත ගැනීම නිසා මට සැකයක් ඇති වී තිබුනා. අල්ලස් සිද්ධියෙන් පසු නව සංස්ථාවකට පත් කළ සභාපතිවරයා මටත් විරුද්ධව චෝදනා කරමින් අල්ලස් කොමිසමට ගිය පුද්ගලයෙක්.'
මෙම අවස්ථාවට අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සහ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා ද එක්ව සිටියහ.
0 comments :
Post a Comment