ඇමරිකාවේ තෙල් මිල ඉහළට

ඇමරිකාවේ තෙල් මිල ඉහළට

බොර තෙල් බැරලයක මිල මෙසේ ඩොලර් 70 ඉක්මවා ගියේ 2014 නොවැම්බරයේ සිට පළමු වතාවට ය.

කෙසේ නමුත් ‘ඉලෙක්ට්‍රොනික් ට්‍රේඩින්‘ හෙවත් ඊ ට්‍රේඩින් සඳහා බොර තෙල් බැරලයක මිල තවමත් සටහන් වනුයේ ඩොලර් 70ට අඩුවෙනි.

තෙල් මිල මෙසේ හදිසියේ ඉහළ යාම ට හේතුව වශයෙන් දැක්වෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමග පැවති 2015 න්‍යෂ්ටික ගනුදෙනුව අත්හැර දැමීමට අපේක්ෂා කිරීම ය. ඒ අනුව ඉරානයේ තෙල් අපනයන මිල ඉහළ යාමට අපේක්ෂිත ය. තවද පෙට්‍රෝලියම් සඳහා විශාල ගෝලීය ඉල්ලුමක් ඇති වී තිබීම සහ ඔපෙක් සංවිධානය හා රුසියාව විසින් සිදුකරන තෙල් සැපයුම් කපා හැරීම ද මෙම මිල ඉහළ යාමට හේතු සේ හඳුනාගෙන තිබේ. කෙසේ නමුත් ඉරානය සමග ඇති ගිවිසුම පිළිබඳ අවසන් තීරණය අද දිනයේ දැනුම් දෙන බව ට්‍රම්ප් කියා තිබේ. යුරෝපා සංගමයේ සාමාජිකයන් ද මේ වන විට ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙන්නේ ඉරානය සමග තිබෙන තෙල් වෙළඳ ගිවිසුම අවසන් නොකරන ලෙසට ය. යුරෝපා සංගමය හැරුණු විට සැලකිය යුතු තෙල් ආනයනකරුවෙකු වන චීනය ද මේ සම්බන්ධයෙන් ඇමරිකාවට බලපෑම් කරනු ඇත. නමුත් ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව වැනි ඇමරිකාවේ මිතුරන්, මේ තීරණය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ පස සිටිනු ඇත.

එසේ වුවහොත් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම තුළින් විශාල ගෝලීය බලපෑමක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment