අවම වශයෙන් අගමැතිවරයාට හෝ පාලනයක් නොමැති මේ ලේකම්ලා සිරිකොතේත් , අරලියගහ මන්දිරයේත් උදහසට ලක්ව ඇති බව ඔවුන්ද දැන් දන්නවා විය යුතුය. එය තවදුරටත් වර්ධනය වන තැනට නිමා වුණු වෙසක් පොහෝ දින පැවති ජාතික වැඩසටහන් වලට සමඟාමීව අරලියගහ මන්දිරයේ ධාතු ප්රදර්ශනයේදීද පත්ව ඇත.
අරලිය ගහ මන්දිරයේදී පැවැත්වූ ධාතු ප්‍රදර්ශනයේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය ලබා ගැනීමේදී මුලිකත්වය දීමට තීරණය වී ඇත්තේ අගමැති සොයුරු ශාන් වික්‍රමසිංහගේ TNL රූපවාහිනියට හා දෙරණ රූපවාහිනියටයි. මෙම තීරණයට මැදින් පනිනා සමන් ආතාවුදහෙට්ටි ප්‍රකාශ කර ඇත්තේ ITN නාලිකාව හරහා එය සජීවීව විකාශය කිරීමට හැකි බවයි. ඒ අනුව ධාතු වන්දනාව TNL හා දෙරණ නාලිකා වලින් ගැලවී ITN වෙත ලබා දීමට එකඟ වී තිබේ. එය සමන් ආතාවුදහෙට්ටිගේ තීරණයක් වන අතර ITN පාලනාධිකාරියේ සමස්ත එකඟතාවක් එහි තිබී නැත. සමන් ආතාවුදහෙට්ටිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ITN පාලනාධිකාරිය පමණක් නොව සේවකයන්ද සිටින්නේ හිත නොහොදින් බව සමන්ද දනියි. සේවකයන් මෙල්ලකිරීමේ සිට නාලිකාවේ වැඩකටයුතු සම්බන්ධයෙන් මේ වන විට ඔහු දක්වන නොහැකියාව මෙම විරෝධයට හේතූ වී ඇති බව සඳහන්. ITN අභ්‍යන්තර යෝජනාව වී ඇත්තේ සමන් ආතාවුදහෙට්ටි දැන් විශ්‍රාම ගැන්විය යුතු කාලය පැමිණ ඇති බවයි.
මේ අනුව අරලිය ගහ මන්දිරයේ ධාතු ප්‍රදර්ශනය ITN නාලිකාව හරහා ලබා දීමද උපක්‍රමශීලිව නැවතී ඇත. අවසානයේ සමන්ලා තීරණය කරන්නේ එය සියත රූපවාහිනී නාලිකාවට ලබා දිය යුතු බවයි. ඊට තවත් පාර්ශවයකගේ සහය ලැබී ඇති බවයි අරලියගහ මන්දිරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කළේ. ප්‍රධාන වෙසක් කලාපයක් ලෙස පැවති ගංගාරාම වෙසක් කලාපයේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකත්වය සියත රූපවාහිනියට ලබා දිය යුතු බවට යෝජනාව කර ඇත්තේ ගංගාරාම විහාරවාසී ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමකගේ තීරණයකට අදාළවය. ගංගාරාමය හා වත්මන් අරලියගහ මන්දිරය ගහට පොත්ත මෙන් බව නොදන්නා කෙනෙකු නැත. ඒ අනුව සමන්ලාගේත් ආශිර්වාදයෙන් සියත රූපවාහිනිය අරලිය ගහ මන්දිරයේ ධාතු ප්‍රදර්ශනයෙත් මුලිකත්වය ගෙන ඇත්තේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකත්වය වෙනුවෙනි.
ප්රශ්නය වන්නේ මේ වෙනස්කම් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ දැනුවත්භාවයක් නොමැතිවීමයි. ධාතු ප්‍රදර්ශනයදා සියත ප්‍රධානීන්ගේ පැමිණීමත් සමඟ කුමක් හෝ අලකලංචියක් සිදුව ඇති බවට අගමැතිවරයාට වැටහුම් ගියද ඕනෑ ඕනෑ හැටියට සමන්ලාගේ නැටීම නතර නොවීම ගැන විශේෂයෙන් අරලියගහ මන්දිරයෙත්, සිරිකොතෙත් සමන්ලාට එරෙහිව වර්ධනය වෙමින් ඇත්තේ විරෝධයකි.
0 comments :
Post a Comment