ඒ අනුව මැයි මස 24 වැනිදා සිට එදිනෙදා දිනුම් අදිනු ලබන සෑම ලොතරැයි පතකම ජය අංක ඇතුළත් ප්රතිඵල ජංගම දුරකථනයට ලබාගත හැකිය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඩයලොග් සමාගම සමඟ එක්ව මෙම සේවාව පාරිභෝගික ජනතාවට වෙත ළඟා කර දී තිබේ. ඩයලොග් ජංගම දුරකථනයෙන් DLB ලෙස ටයිප් කර 7272ට කෙටි පණිවිඩයක් යැවීමෙන් ලොතරැයි ජය අංක දුරකථනයට ගෙන්වා ගත හැකිය.
බොහෝ විට දිනුමක් හිමි වුවත් එය පරීක්ෂා කර ගැනීමට අවස්ථාවක් නොලැබීම නිසා බොහෝ ජයග්රාහකයින්ට එම අවස්ථාව මඟහැරෙන බැවින් මෙම ක්ෂණික ලොතරැයි ප්රතිඵල සේවාව හඳුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබේ.
එම උත්සව අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් හා ඩයලොග් ආයතනයේ නිලධාරින් ඇතුළු ආරාධිතයින් සහභාගී වී සිටියහ.
මේ අතර සංවර්ධන වසනා ලොතරැයිය නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කර ඇත. අලුත් වී ඇති සංවර්ධන වාසනාව නවතම ලොතරැයි පතේ ප්රථම දිනුම් ඇදීම එළැඹෙන ජුනි 14 වැනි දින සිදු කිරීමට නියමිතය. එදින සිට සෑම බ්රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම සංවර්ධන වාසනාව දිනුම් ඇදීම සිදුකෙරෙයි.
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න
0 comments :
Post a Comment