අද පෙරවරුවේ දුම්රිය එන්ජින් 04ක් ක්‍රියා විරහිත වී ඇති අතර බලවේග කට්ටල 03ක කේබල් පද්ධතිය ගලවා දමා ඇති අයුරු නිරීක්ෂණය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර ලුණුවිල දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ රැහැන්ද කපා දමා තිබූ බව සඳහන්. වර්ජනයේ නියුතු කණ්ඩායම මෙම කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරන්නට ඇති බවටයි දුම්රිය දෙපාර්තමේන්තුව සැක පළ කරන්නේ. කෙසේ වෙතත් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
වර්ජනයේ නියුතු දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා අදහස් දක්වමින් එම ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර දුම්රිය දේපලවලට හානි වන අන්දමේ කිසිදු ක්‍රියාවකට සිය වෘත්තීය සමිති සාමාජිකයන්ගේ සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරයි.
0 comments :
Post a Comment