''මංගල, බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට කර ගහලා'' - වියත් මඟ චෝදනා කරයි

''මංගල, බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට කර ගහලා'' - වියත් මඟ චෝදනා කරයි
ජනාධිපති අපේක්ෂත්වය සම්බන්ධයෙන් වියත්මග සංවිධානයේ විශ්‍රාමික හමුදා සාමාජිකයින්  හා පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් අතර මත ගැටුමක් හට ගෙන ඇති බවටත් එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වනවිට ක්‍රියාත්මක ප්‍රචාරක මෙහෙයුමට බැසිල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගේ සහය ලැබී ඇති බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන රාවය සම්බන්ධයෙන් 'ලංකා නිව්ස් වෙබ්' කළ විමසීමකදී 'වියත් මඟ' ප්‍රකාශකයා එ් බව සඳහන් කළේය. 
 
ඔහුගේ නම හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටි එම ප්‍රකාශකයා, බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා වූ  වැඩපිළිවෙලක් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් විසින් මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඔවුන් මංගල සමරවීර මහතාගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා 'වියත්මග'ට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් පැවසිය.
 
මංගල සමරවීර මහතාගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු බැසිල් රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන බවද ඔහු අවධාරණය කර සිටියේය.
 
ගෝඨාට බැසිල්ගේ සහය ෂුවර්ලු !
 
කෙසේවුවද ගෝඨාබය රාජපක්ෂ මහතා පවසන්නේ මීලග ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයෙක් ලෙස තරග කිරීමට තමන් සූදානම් බවයි.
 
නමුත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කල යුතු බවද ඒ මහතා සදහන් කරයි.
 
එසේ වුවහොත් බැසිල් රාජපක්‍ෂ මහතාද තමනට උදවු කරනු ඇතැයිද ඔහු පවසයි.
 
'නෙත්' ගුවන් විදුලිය හා පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment