සංහිඳියා කාර්යාංශයෙන් 'සමගිය' එළිදකී

සංහිඳියා කාර්යාංශයෙන් 'සමගිය' එළිදකී

'සමගිය' ලෙස නම් කර ඇති මෙම නිල පුවත් ප්‍රකාශය අදාළ කාර්යාංශය විසින් මෙරට ජාතික සමගිය සහ සංහිඳියාව උදෙසා සිදුකරන ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් මෙන්ම ජාතික සමගිය සහ සංහිඳියාවට සම්බන්ධ පුවත් විශ්ලේෂණ සහ රචනාවලින් සමන්විත වේ.

ත්‍රෛමාසික පුවත් ප්‍රකාශනයක් වන සමගිය, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කරනු ලබයි.

2015 පැවති ජනාධිපතිවරණයේදී තීරණය කළ ප්‍රධාන කාරණයක් වූ ජාතික සමගිය සහ සංහිඳියාව සහතික කිරීම සඳහා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය ස්ථාපිත කරනු ලැබීය. අගමැතිවරයාගේ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ එම යෝජනාවට අනුව මෙම ආයතනය ජනාධිපතිවරයා විසින් පිහිටවනු ලැබීය. මෙම ආයතනයේ ප්‍රධානී ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරන්නීය.

සමගිය පුවත් ප්‍රකාශනයේ නවතම කලාපය කියවීම සඳහා පිවිසෙන්න www.onur.gov.lk

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment