දයාවතීට හාර්ට් ඇටෑක් හැදී රෝහල් ගතවෙලා


සුසිලා අසනීප වෙලා කියන පුවත අන්තර්ජලයේ පැතිර ගියා නේද?

 අඳුනන නාඳුනන ගොඩාක් අය මේ ප්‍රවෘත්තිය දැනගෙන මට කෝල් කළා. සමහරු ගෙදරටත් ආවා. ඒ හැමෝගේම ප්‍රතිචාර දකිද්දී මට හිතුනා මිනිස්සු මට කොයි තරම් ආදරෙයිද කියලා. තවත් කාලයක් ජීවත් වෙන්න ඒ ආදරය මට ශක්තියක් වුණා. මට වෙච්ච දේ කියන්නම්.පහුගිය 10 වැනිදා ඉඳන් මගේ ඇඟට වෙනසක් දැනුණා. ඒත් මම ගනන් ගත්තේ නැහැ. 11 වැනිදා සිට හෘදයාබාධ තත්වයක් ඇති වුණා. හොඳ වෙලාවට රහල් (සැමියා) ගෙදර හිටියා. රහලූයි වටාපිටාවේ අයයි එකතුවෙලා  ඒ වෙලාවෙම මාව රෝහලට අරගෙන ගියා.

දවස් කීයක් රෝහල් කීයකද?

කොළඹ ජාතික රෝහලේ 61 වැනි වාට්ටුවේ දවස් 4ක් හිටියා. ඊට පස්සේ ටිකට් කපාගෙන ගෙදර ආවා.

දැන් සම්පුර්ණයෙන්ම සුව වෙලාද ඉන්නේ?


ව්‍යෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මේ දවස් වල විවේකයෙන් ඉන්නවා.බෙහෙත් එහෙමත් බොනවා.

 එතකොට බාරගත් නිර්මාණවලට මොකද වුණේ? තාවකාලිකව නතර කළාද?

 ටෙලි නාට්‍යයක රූගත කිරීම් හා වේදිකා නාට්‍යය දෙකක පුහුණුවීම් තියෙනවා. මෙගා ස්ටාර් වැඩසටහනටත් මා සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා පසුගිය දවස්වල මම ටිකක් වැඩිපුර වෙහෙසුනා. ඒත් දැන් නම් මට හැමදෙනාම විවේකය ලබාදීලයි තියෙන්නේ. ඒ නිසා ටික දවසකට රඟපෑම නතර කළා.

ඇති වූ රෝගී තත්ත්ව ය නිසා සුසිලා මානසිකවත් වැවෙන්න ඇති  නේද?

 ඔව්. ඒත් මම තනි  වුණේ නැති හින්දා මට හිත  හදාගන්න හයිය ලැබුණා. කොළඹ ජාතික රෝහලේ 61 වාටිටුවේ නිමාලි ප්‍රනාන්දු වෛද්‍යතුමිය හා සමස්ත කාර්ය මණ්ඩලය පුදුමාකාර සහයක් මට ලබා දුන්නා. කලා ලෝකයේ අයයි, මගේ හිතවතුනුයි මාව බලන්න ආවා. නාඳුනන අයත් ආවා. සමහරු දුරකථනයෙන් කතා කළා. ගෙදරටත් එන අය ඉන්නවා. ඒ  ආදරණීය ප්‍රතිචාර හින්දා ලොකු හයියක් හිතට ඇති වුනා.

රසික පිරිස කැමති වේවි ඔබගේ වර්තමාන තත්වය ගැනත් දැන ගන්න?

 දැන් නම් හොඳයි. ඒත් තව පරීක්‍ෂණ වගයක් කරන්න තියෙනවා. ඊට පස්සේ පුරුදු විදියටම කලා කටයුතුවලට දායක ‍වෙනවා කියලා රසික පිරිසට කියන්න.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment