ඇඳුමට නිල් පැල්ලම් වැඩි නිසා පාසල් යන්න බැරිවී ධර්මාලෝක සිසුවා ගෙල වැල ලාගෙන


 උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් සිසුවකුගේ ඇඳුමේ නිල් තැවරීම ඉවත් කිරීමට නොහැකිවීම නිසා නිවස තුළදීම  ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමේ සිද්ධියක්  කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණයෙන් අනාවරණය විය.

කොළඹ, අලුත්කඩේ සාංචි ආරච්චත්ත ප්‍රදේශයේ පදිංචි සන්දීප රාජපක්ෂ නැමැති 18 හැවිරිදි පාසල් සිසුවකු මෙලෙස සියදිවි නසාගෙන ඇත. මියගිය පාසල් සිසුවා කැලණිය ධර්මාලෝක විදුහලේ 13 වසරේ අධ්‍යාපනය ලබයි.
කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රහුල් හක්

මහතා මියගිය එම පාසල් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. මියගිය පාසල් සිසුවාගේ මව වන වැලිගමගේ රමණී ඩයස් (57) යන අය මෙසේ කියා සිටියාය.
''මියගියේ මගේ දරුවා. ඔහුගේ ඇඳුමේ තැනින් තැන නිල් පැල්ලම් තැවරී තිබූ බැවින් එය සෝදා දෙන ලෙස ඉල්ලා සිටියා.
 පසුදා රෑ පොළට ගොස් නැවත පාන්දර 5. 30ට නිවසට පැමිණි නිසා ඒක කරන්න පරක්කු වුණා.  එම ඇඳුම වේලුනාට පසුව පාසල් යන ලෙසට දරුවාට පැවැසූවා.
නැවත මා පොළට ගොස් සිටිය දී මගේ  අනෙක් දරුවා පැමිණ බලන විට මියගිය  දරුවා ගෙල වැලලාගෙන මියගොස් සිටි බව කිව්වා.
 ඉන්පසු මාත් නිවසට ගොස් බලද්දි ඔහු එසේ මියගොස් සිටියා. පාසලේ පාපන්දු ඇඳුමි වගයක් ලබා ගැනීමට යාමට නොහැකිවීම නිසා කලකිරීමක් ඇති කරගෙන මේ ආකාරයට මියගොස් ඇති බව මට හිතෙනවා''
 අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මියගිය පාසල් සිසුවාගේ මරණය ගෙල වැලලාගෙන සිදුකර ගත් සියදිවි නසා ගැනීමක් බවට නිගමනය කළාය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment