ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය විසින් හඳුන්වා දෙන MediaCorp ශිෂ්‍යත්ව වැඩසටහන, තරුණ ජනමාධ්‍යවේදීන්ට සහ කතාකරුවන්ට වෙනස් ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් හා එක්ව වැඩ කරමින් බහුමාධ්‍ය කතාන්තර (Multimedia Stories) නිපදවීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. මෙම වැඩසටහනෙහි අරමුණ සාම්ප්‍රදායික කතා කලාවේ සීමා අතික්‍රමණය කරමින් ශ්‍රී ලංකාවේ තිරසාර සාමය සහ සංවර්ධනය කෙරෙහි බලපාන්නා වූ නව්‍ය කතා තේමාවන් එළි දැක්වීමේ වේදිකාවක් නිර්මාණය කිරීමයි.
MediaCorp වැඩසටහන තරුණ කතාකරුවන්, ජනමාධ්‍යවේදීන්, ඩිජිටල් මාධ්‍ය ක්‍රියාකාරීන්, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, වෙබ් ලියන්නන් සඳහා නිර්මාණය කරන ලද වසර 3ක වැඩසටහනකි. පළමු වසර තුළ තරුණ මාධ්‍යවේදීන් 24 දෙනෙකු වෙනුවෙන් මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ. තෝරා ගනු ලබන සාමාජිකයින්ට ”ධනාත්මක බහුමාධ්‍ය කතාන්තර නිර්මාණය කිරීම” (Positive Multimedia Storytelling Techniques) පිළිබඳ නේවාසික පුහුණුවක් හිමි වන අතර, වෙනත් ජනවර්ගයක හෝ ආගමක සාමාජිකයකු සමඟ නැවතී හිඳිමින් කතා තේමාවක් සොයා ගොස් නිර්මාණය කිරීමට අවස්ථාව හිමි වන අතර, ඒ සඳහා මූල්‍ය සහාය ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය විසින් සපයනු ඇත.
අයදුම් පත්‍ර සහ සම්මුඛ පරීක්ෂණයක් මඟින් ශිෂ්‍යත්වලාභීන් තෝරා ගනු ලබන අතර, www.ldjf.org යන වෙබ් අඩවියෙන් training.sdjf@gmail.com යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් යොමු කිරීමෙන් අයදුම්පත් ලබා ගත හැකිය. වැඩිදුර තොරතුරු ඉහත වෙබ් අඩවිය ඔස්සේ හෝ 0771913004 හෝ 0773290650 යන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැකිය.
මෙම වැඩසටහන ”ප්‍රජාතාන්ත්‍රික ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මාධ්‍ය සවිබල ගැන්වීම” (MEND) වැඩසටහන යටතේ USAID සහයෝගයෙන් ක්‍රියාත්මක වේ. MEND වැඩසටහන ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ ප්‍රජාතාන්ත්‍රික පාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් සමබර සහ විශ්වසනීය පුවත් හා තොරතුරු ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.
0 comments :
Post a Comment