“ඔබ සියලු දෙනා දන්නා පරිදි අප සිටින්නේ වැදගත් සන්ධිස්ථානයකයි. කොළඹ වරායේ බහාළුම් සහ බඩු බාහිරාදිය මෙහෙයුම් ධාරිතාවය තවදුරටත් ව්‍යාප්ත කිරීම නාවික අංශයේ වර්ධනයට නිරතුරුව දායකත්වය සපයනවා. එක්සත් ජාතින්ගේ වෙළඳ හා සංවර්ධන සම්මේලනය මගින් ප්‍රකාශිත 2017 නාවික සම්බන්ධකතා දර්ශකයට අනුව දකුණු ආසියා කලාපයේ හොඳම සමුද්‍ර ප්‍රවාහන සම්බන්ධකතාවය සහිත රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර ඉන්දියාව පවා පරදා ලෝකයේම 15වන ස්ථානය අත්පත් කර තිබීම ඉමහත් සතුටට කරුණක්. 2025 වනවිට ශ්‍රී ලංකාව අංග සම්පූර්ණ නාවුක හා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව කොළඹ වරාය මධ්‍යකොට ගෙන ඉන්දියානු සාගර හා දකුණු ආසියා කලාපයේ ප්‍රතිනැව්ගතකිරීම් කටයුතු ශ්‍රී ලංකාව තුළ සහබද්ධ කොට වඩාත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු,” යැයි එම් ඇන්ඩ් එම් මිලිට්සර් ඇන්ඩ් මුන්ච් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ දිළුම් ස්තේම්බු මහතා එම සමාගම ශ්‍රී ලංකාවෙ දියත් කිරීමේ උත්සවයේදි පැවසීය.
මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහභාගි වූ අතර ආරාධිතා අමුත්තා හා එම් ඇන්ඩ් එම් මිලිට්සර් ඇන්ඩ් මුන්ච් නියෝජිතවරිය වශයෙන් ටටියානා ශේෆර් මහත්මිය පැමිණ සිටියාය.
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න
0 comments :
Post a Comment