
තායිලන්ත සම්ප්‍රදාය අනුව ජීවිතයේ එක් කාලයකදී "විපත් සමය" සිහිපත් කිරීමේ චාරිත්‍රයක් ලෙස
මෙම පැවිදි දිවියට
මෙම දරුවන් 12 අතරින් 11 දෙනෙකු පමණක් මෙම චාරිත්‍රයට අනුකූල වූයේ එක් දරුවෙකු ක්‍රිස්තියානි ආගමට අයත්වූ නිසාය.ඔවුන්ගේ පුහුණුකරු ද පැවිදි දිවියට ඇතුළත් විය.
දින 9 ක් තිස්සේ මෙම තාවකාලික පැවිදි දිවිය පවතිනු ඇත.
මෙම ක්‍රියාකාරකම තුළින් දරුවන්ට " ආධ්‍යාත්මික පවිත්‍රත්වය" ලබා ගැනීමට හැකි බව දරුවන්ගේ දෙමාපියන්ද විශ්වාස කර තිබේ. පෙරේදා සන්ධ්‍යාවේ 200 කට ආසන්න පිරිසක් පැවිදි දිවියට ඇතුළත් කළ අවස්ථාවක මෙම දරුවන්වද චාරිත්‍රයට ඇතුළු කරන ලදි. ඊට දරුවන්ගේ දෙමාපියන්ද එක්ව තිබුණි.
එම උත්සවය අතරතුර ඔවුන් වෙනුවෙන් දිවිපිදූ සමන් ගුණාන් සිහිකර විශේෂ පූජාවක්ද පවත්වන ලදි.







0 comments :
Post a Comment