‘මම නෙමෙයි එයයි මට පොල්ල තිබ්බෙ‘ - පෙර විවාහය අතැර නව විවාහයකට ගිය උමාරියා කියයි

ව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පී උමාරියා සිංහවංශ පසුගියදා අලුත් විවාහ ජීවිතයකට ඇතුළුවූ පුවත සමාජ මාධ්‍ය තුළ රැව් පිළිරැව් දෙද්දී ඇය පෙර පැවති විවාහය අවසන් කිරීමට විවිධ තැන්වල විවිධ හේතු ඉදිරිපත් විය.
සංගීතයට සම්බන්ධ දෙව්ශාන් සමග උමාරියා මීට වසර 4 කට පෙර
2014 විවාහවූ අතර දෙදෙනා අතර ඇතිවූ විරසකවීම් වලින්

පසු එම විවාහය ඇද වැටී තිබුණි.
උමාරියා නැවත පසුගිය සතියේ විවාහ වන්නේ සංගීතය සම්බන්ධ මහාචාර්යවරයෙකු බව පවසන දිමිත්‍රි සමග ප්‍රංශයේදීය. මෙම වෙනසින් පසුව උමාරියා සිය නව විවාහයේ ඡායාරූප ඇයට අයත් සමාජ ජාලා පිටු අතර හුවමාරු කර තිබෙන අතර විවාහයට සුබපැතුම් සමග එම අවස්ථාවල ඇතැම් අය ඊට ලබාදෙන විවේචනාත්මක අදහස් වලට උමාරියාද පිළිතුරු සටහන් එක්කර තිබේ.
මේ අතරවාරයේ උමාරියාගේ මිතුරෙකු
 ‘අරූට පොල්ල තිබ්බා නේද අන්තිමට‘ යනුවෙන් ප්‍රශ්නයක් නගා තිබේ.
උමාරියා සිය නිල ගිණුමෙන් එයට මෙසේ පිළිතුරු දී ඇත.
‘පොල්ල තිබ්බේ මටයි. මම සතුටින් ඉන්නවා දකින්න බැරි කමට මොකක් හරි බොරුවක් කියලා හරි බේරෙන්න එපැයි.😇 උඩ දෙවියෙක් ඉන්නවා. ඒක මට ඇති.‘

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment