ඇෆ්ගනිස්ථානයටත් පරාදවුණ ශ්‍රී ලංකා පිල ගෙදර එන්න ලෑස්තියි


අබුඩාබි හි පැවති ආසියානු කුසලාන මුල් වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට පරාජයට පත්විය.ලකුණු 250 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි
ශ්‍රි ලංකා පිලේ පන්දු ඕවර 41.2 කදි සියලු දෙනා දැවි රැස් කරනු ලැබුවේ ලකුණු 158ක් පමණි.
ශ්‍රි ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය

හමුවේ එක්දින තරගයකදි පරාජයට පත්වු පළමු අවස්ථාව මෙයයි.
මින් පෙර බග්ලාදේශයට පරාජය වූ ශ්‍රී ලංකාවට මේ අනුව තරගාවලියෙන් ඉවත්වන්නට සිදුවේ.ෙ
පස් වරක් ආසියානු කුසලානයට හිමිකම් කියු ශ්‍රි ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීම දෛවෝපගතය.
පිතිකරණයට කිසිවෙකු සාර්ථක නොවීමත් දුර්වල පන්දු රැකීමත් මෙවර තරගාවලියේ කැපී පෙනෙන ලක්ෂණ විය.
මෙම තරගාවලියේ කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කළ තරග දෙකේදිම ලකුණු නොලබා දැවි ගියේය.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ සමස්තයක් වශයෙන් ගත් කළ කණ්ඩායමේ සියළුම ක්‍රිඩකයින් දුර්වල ක්‍රිඩා විලාසය පරාජයට හේතුවු බවයි.
ශ්‍රි ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් විමත් සමග "බි" ඛාන්ඩයෙන් දෙවන වටය සදහා පිවිසිමට බංග්ලාදේශ පිල සහ ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලබා ඇත.
ඊයේ තරගයේ ලකුණු සටහන පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment