නිරීක්ෂණ වලින් පසු දුම්රිය මාර්ගයේ අලි ගැටීම් වැළැක්වීමට නිර්දේශ 05ක්

https://www.gossiplankanews.com/2018/10/train-elephant-issue.html#more
සුගියදා දුටුවන් කම්පනයට පත්කරවමින් දුම්රියට අලිඇතුන් බිලිවීමේ සිද්ධි කිහිපයක්ම වාර්තා විය. ප්‍රවාහන අමාත්‍යංශය දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා පසුගිය 28 වනදා කමිටුවක් පත්කරන ලද්දේ ඒ නිසාය. එම කමිටුව මගින්, දුම්රිය මාර්ගය අසළ
අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැළැස්මක් සැකසීමට 14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක්  ඔක්තෝබර් 11 වන දින සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතු වල නියැලුණි.
ඒ අනුව වන ජීවී දෙපාර්තමේන්තුවේ හා දුම්රියේ අලි ගැටීම් වැළැක්වීමේ කණ්ඩායමක් මෙම නිරීක්ෂණ කටයුතු සිදු කළේ දුම්රිය මොටර් ට්‍රොලියක් භාවිතා කරමිනි. ඒ අනුව පසුගිය අලින්ගේ හැසිරිම් පිලිබද ලබාගත් දත්ත අනුව දුම්රිය අලි ගැටිම් වැලැක්විම සදහා නිර්දේශයන් 05ක්  ලබාදී තිබේ.

දුම්රිය රියදුරන්ට මාර්ගය පැහැදිලිව පෙනීමට මාර්ගය දෙපස මීටර් 30ක් දක්වා වු  ලදු කැලැ එලි කිරිමත් ,දක්වා ඇති වේග සීමා නියමිත පරිදිම ක්‍රියාත්මක කිරිමත්( උපරිම පැ.කි.මි. 40),

මාර්ගය දෙපස කදුගැට සහිත ස්ථානවල අලි ඇතුන්ට මාරුවීම සදහා උඩින් මාර්ග ඉදිකිරිමත් (Over pass)   දුම්රිය පාලම් සහා බෝක්කු සහිත ස්ථාන තුලින් අලි ඇතුන්ට මාරුවීම සදහා දැනට තිබෙන බාධා ඉවත්කොට  මාර්ග ඉදි කිරිමත් (Under Pass) දුම්රිය මාර්ගයට අලි ඇතුන් ඇතුල්වන ස්ථාන සදහා විදුලිවැට,
රේල්පීලි යොදා බාධාවන් යෙදීම සහ පුර්ව අනතුරු ඇගවීමේ සංඥා පද්ධති සවි කිරිමත් එම යෝජනා වෙයි.
ඉදිරියේදී මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බව අමාත්‍යංශ ආරංචි මගින් පැවසේ.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment