වලසුන් පහරදී මැරුණ බවට සැක කළ අය මියගොස් ඇත්තේ මිනිස් පහරදීමකින්

ඉගිණියාගල පොලිස් බල ප්‍රදේශයේ මුල්ලේගම ගම්මානයේ ඉකුත් 8 වෙනි දින වලසුන් තිදෙනෙක් පහරට ලක්විමෙන් පසුව තුවක්කුවකින් වෙඩි තබාගෙන මිය ගියා යැයි සැක කළ ග්‍රාමාරක්ෂක භටයාගේ මරණය සිය
දිවිහානි කර ගැනිමක් නොව

මනුෂ්‍ය ඝාතනයක් බවට අම්පාර මහ රෝහලේ පැවැති පශ්චත් මරණ පරීක්ෂණයේදි හෙලිවි තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මුල්ලේගම පදිංචි රවින්ද්‍ර තුසිත කුමාර නැමැති 38 හැවිරිදි අවිවාහක පුද්ගලයා කරාඩුගල පොලිසියට අනුයක්තව සේවය කල අයෙකි.

දින තුනක හිලව් නිවාඩු රැගෙන සිටියදි ඔහුගේ මළ සිරුර මුල්ලේගම  ප්‍රදේශයේ හේනක පැලක තිබෙන බවට ඔහුගේ ඥාතියෙකු විසින් රත්මල්ගහඇල්ල පොලිස් මුරපොලට පැමිනිලි කිරීමෙන්  අනතුරුව ඉගිණියාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබිය.

අම්පාර මහ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙම මරණය වෙඩි ප්‍රහාරයන් දෙකක් වැදිමෙන් සිදුවු මරණයක් යි.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මෙම ඝාතනය කරන ලද පුද්ගලයින් සෙවිම සදහා ඉගිණියාගල පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඝාතකයින් සෙවිම ආරම්භ කර තිබේ.

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment